ජල විදුලි නිෂ්පාදනය ඉහළට

ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතා ඉහළ ගොස් තිබෙනවා.

ඒත් සමඟ එම ජලාශවල ජල ධාරිතාවය 78% මට්ටමට ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ජාතික විදුලිබල පද්ධතියට මේ වනවිට 60%ක ජල විදුලි ධාරිතාවක් එක් කෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

ඊයේ (15) දිනයේ දී සහ පෙරේදා (14) දිනයේ දී ජල විදුලි උත්පාදනයෙන් ජාතික පද්ධතියට 60%ක ධාරිතාවක් එක්කර තිබෙනවා.

ඉතිරි විදුලි අවශ්‍යතාවය තාප, සුළං සහ විදුලි නිෂ්පාදනයෙන් සපුරාගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලයේ සඳහන් කළේ.

මේ අතර ජල විදුලි නිෂ්පාදනය ඉහළ යාමත් සමඟ මෙම සති අන්තයේ දී විදුලි කප්පාදු කාලසීමාව අඩුකරන බව බලශක්ති අමාත්‍යවරයා පසුගිය සිකුරාදා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?