AFC Banner
AFC Banner
Empty Ad

ජල ගාස්තු වැඩි කිරීම ගැන පැහැදිළි කිරීමක්

සිය අමාත්‍යාංශය මගින් යෝජනා කළ ජල ගාස්තු වැඩිකිරීම සදහා කැබිනට් අනුමතිය හිමිවූ බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මුහුණ දෙන මූල්‍ය පීඩනය හමුවේ සියලු ශ්‍රී ලාංකිකයන්ට පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීම සහතික කිරීමට මේ මොහොතේ මෙම දුෂ්කර තීරණය ගැනීමට‍ සිදු වූ බවයි පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ඔහු ප්‍රකාශ කළේ.

ජල නිෂ්පාදන පිරිවැයට සැලකිය යුතු දායකත්වයක් සපයන විදුලි ගාස්තු වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් මෙම වැඩි වීමට හේතු වූ බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. පෙබරවාරි මාසයේ විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් මාසිකව රුපියල් මිලියන 500ක පමණ මුදලක් නිෂ්පාදන පිරිවැය සදහා වැඩිපුර යෙදීමට සිදුවූ බව ඔහු ප්‍රකාශ කළා.

තවද ආයෝජන පිරිවැය (ජල යටිතල පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන වියදම් සඳහා), රුපියල අවප්‍රමාණය වීම සහ පොලී අනුපාත ඉහළ යෑම, ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය පිරිවැය ශීඝ්‍ර ලෙස ඉහළ යෑම සමග මාසිකව රුපියල් බිලියන 2.5 ආසන්න පාඩුවක් සිදුවන බවත් ගාස්තු වැඩි නොකළහොත් වාර්ෂික පාඩුව රුපියල් බිලියන 34ක් වන බවත් ජීවන් තොණ්ඩමන් පෙන්වා දෙනවා.

ජල ගාස්තු වැඩි වුවද සමාජයේ වඩාත්ම අවදානමකට ලක්විය හැකි සාමාජිකයින් ආරක්ෂා කිරීමට කැපවී සිටින බවත් පහළ සමාජ ආර්ථික පසුබිම නියෝජනය කරන සමෘද්ධි සහ වතු නිවාස පාරීභෝගිකයන්ට කිසිදු ගාස්තු වැඩිවීමක් සිදුනොවන බවත් ඔහු සඳහන් කළා.

එපමණක් නොව, යෝජිත ගාස්තු වැඩි කිරීමේදී අඩු ජල පරිභෝජනයක් සහ ආර්ථික වශයෙන් අවාසි සහගත පාරිභෝගිකයන් සඳහා සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බවත් ඔවුන්ගේ මාසික බිල්පත රුපියල් 1000 කට නොවැඩිව පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එසේම පාසැල්, රෝහල් සහ ආගමික ආයතන සඳහා සහනාධාර ලබාදීමේ විධිවිධාන ද ඇතුළත් බවයි පෙන්වා දෙනු ලැබුවේ.

ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙත ශ්‍රී ලංකා රජය දක්වන එකඟතාවය සහ තිරසාර සංවර්ධනය සඳහා වන ප්‍රයත්නයට අනුකූලව නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් ළඟදීම හදුන්වාදීමට නියමිතව තිබෙනවා.

එසේම මීළඟ සංශෝධනයේදී ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?