ජල ගාස්තු වැඩි කිරීම ගැන පැහැදිළි කිරීමක්

සිය අමාත්‍යාංශය මගින් යෝජනා කළ ජල ගාස්තු වැඩිකිරීම සදහා කැබිනට් අනුමතිය හිමිවූ බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මුහුණ දෙන මූල්‍ය පීඩනය හමුවේ සියලු ශ්‍රී ලාංකිකයන්ට පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීම සහතික කිරීමට මේ මොහොතේ මෙම දුෂ්කර තීරණය ගැනීමට‍ සිදු වූ බවයි පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ඔහු ප්‍රකාශ කළේ.

ජල නිෂ්පාදන පිරිවැයට සැලකිය යුතු දායකත්වයක් සපයන විදුලි ගාස්තු වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් මෙම වැඩි වීමට හේතු වූ බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. පෙබරවාරි මාසයේ විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් මාසිකව රුපියල් මිලියන 500ක පමණ මුදලක් නිෂ්පාදන පිරිවැය සදහා වැඩිපුර යෙදීමට සිදුවූ බව ඔහු ප්‍රකාශ කළා.

තවද ආයෝජන පිරිවැය (ජල යටිතල පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන වියදම් සඳහා), රුපියල අවප්‍රමාණය වීම සහ පොලී අනුපාත ඉහළ යෑම, ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය පිරිවැය ශීඝ්‍ර ලෙස ඉහළ යෑම සමග මාසිකව රුපියල් බිලියන 2.5 ආසන්න පාඩුවක් සිදුවන බවත් ගාස්තු වැඩි නොකළහොත් වාර්ෂික පාඩුව රුපියල් බිලියන 34ක් වන බවත් ජීවන් තොණ්ඩමන් පෙන්වා දෙනවා.

ජල ගාස්තු වැඩි වුවද සමාජයේ වඩාත්ම අවදානමකට ලක්විය හැකි සාමාජිකයින් ආරක්ෂා කිරීමට කැපවී සිටින බවත් පහළ සමාජ ආර්ථික පසුබිම නියෝජනය කරන සමෘද්ධි සහ වතු නිවාස පාරීභෝගිකයන්ට කිසිදු ගාස්තු වැඩිවීමක් සිදුනොවන බවත් ඔහු සඳහන් කළා.

එපමණක් නොව, යෝජිත ගාස්තු වැඩි කිරීමේදී අඩු ජල පරිභෝජනයක් සහ ආර්ථික වශයෙන් අවාසි සහගත පාරිභෝගිකයන් සඳහා සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බවත් ඔවුන්ගේ මාසික බිල්පත රුපියල් 1000 කට නොවැඩිව පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එසේම පාසැල්, රෝහල් සහ ආගමික ආයතන සඳහා සහනාධාර ලබාදීමේ විධිවිධාන ද ඇතුළත් බවයි පෙන්වා දෙනු ලැබුවේ.

ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙත ශ්‍රී ලංකා රජය දක්වන එකඟතාවය සහ තිරසාර සංවර්ධනය සඳහා වන ප්‍රයත්නයට අනුකූලව නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් ළඟදීම හදුන්වාදීමට නියමිතව තිබෙනවා.

එසේම මීළඟ සංශෝධනයේදී ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා දැනුම් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48