ජල ගාස්තු අඩු කිරීමට අලුත් සූත්‍රයක් – රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට

පිරිවැය පිළිඹිබු වන මිල සූත්‍රයක් මගින් ජල ගාස්තු අඩු කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.

එමෙන්ම; ලබන වසරට අදාළ අයවැය යෝජනාවලිය මගින් සියලු රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් විසිපන්දහසක ජීවනාංක දීමනාවක් ලබාදීමට අදාළ නිර්දේශ සඳහා ද කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණා.

පිරිවැය පිළිඹුබු වන මිල ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට එහිදී අනුමැතිය හිමි ව තිබෙනවා.

විදුලි ගාස්තු අඩු කිරීම, ඉන්ධන, රසායනික ද්‍රව්‍ය මිල අඩුවීම ආදී හේතු මත ජල ගාස්තු අඩු කිරීමේ හැකියාව පවතින බවයි දැනුම්දී ඇත්තේ.

ඒ අනුව කාණ්ඩ තුනක් සඳහා වැඩි සහනයක් ලැබෙන පරිදි ජල ගාස්තු සංශෝධනය කිරීමට නියමිතයි.

මේ අතර රාජ්‍ය සේවයේ වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයින් සමාලෝචනය කර රාජ්‍ය සේවයේ සියලු ම අංශවල වැටුප් සංශෝධනය කිරීමට අදාළ ව පත් කළ විශේෂඥ කමිටුවේ අතුරු නිර්දේශ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව එළඹෙන අයවැය මගින් ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දීමනා ඒකාබද්ධ කර; සෑම රාජ්‍ය සේවකයෙකුට ම රුපියල් 25,000ක ජීවනාංක දීමනාවක් ලබාදීමට නියමිතයි.

එමෙන්ම රාජ්‍ය සේවකයින්ගේ අවම ආරම්භක වැටුප සියයට 24ක අවම ප්‍රතිශතයකින් වැඩි කිරීම සඳහා ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

2030 වසර වනවිට සමස්ත රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 10 හෝ ඊට අඩු මට්ටමක පවත්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ද ඉදිරිපත් කළ යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
3
+1
34
+1
4
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?