ජල ගාස්තු අඩු කිරීමට අලුත් සූත්‍රයක් – රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට

පිරිවැය පිළිඹිබු වන මිල සූත්‍රයක් මගින් ජල ගාස්තු අඩු කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.

එමෙන්ම; ලබන වසරට අදාළ අයවැය යෝජනාවලිය මගින් සියලු රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් විසිපන්දහසක ජීවනාංක දීමනාවක් ලබාදීමට අදාළ නිර්දේශ සඳහා ද කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණා.

පිරිවැය පිළිඹුබු වන මිල ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට එහිදී අනුමැතිය හිමි ව තිබෙනවා.

විදුලි ගාස්තු අඩු කිරීම, ඉන්ධන, රසායනික ද්‍රව්‍ය මිල අඩුවීම ආදී හේතු මත ජල ගාස්තු අඩු කිරීමේ හැකියාව පවතින බවයි දැනුම්දී ඇත්තේ.

ඒ අනුව කාණ්ඩ තුනක් සඳහා වැඩි සහනයක් ලැබෙන පරිදි ජල ගාස්තු සංශෝධනය කිරීමට නියමිතයි.

මේ අතර රාජ්‍ය සේවයේ වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයින් සමාලෝචනය කර රාජ්‍ය සේවයේ සියලු ම අංශවල වැටුප් සංශෝධනය කිරීමට අදාළ ව පත් කළ විශේෂඥ කමිටුවේ අතුරු නිර්දේශ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව එළඹෙන අයවැය මගින් ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දීමනා ඒකාබද්ධ කර; සෑම රාජ්‍ය සේවකයෙකුට ම රුපියල් 25,000ක ජීවනාංක දීමනාවක් ලබාදීමට නියමිතයි.

එමෙන්ම රාජ්‍ය සේවකයින්ගේ අවම ආරම්භක වැටුප සියයට 24ක අවම ප්‍රතිශතයකින් වැඩි කිරීම සඳහා ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

2030 වසර වනවිට සමස්ත රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 10 හෝ ඊට අඩු මට්ටමක පවත්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ද ඉදිරිපත් කළ යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58