AFC Banner
Empty Ad
Empty Ad

ජලනි ප්‍රේමදාසගෙන් චමුදිත සමරවික්‍රමට එන්තරවාසි

යූටියුබ් ඔස්සේ විකාශය කරන ලද සම්මුඛ සාකච්ඡාවකින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ සිදු වී ඇති බව පවසමින් ඇයගේ උපදෙස් මත නීතිඥවරයෙකු විසින් චමුදිත සමරවික්‍රමට එන්තරවාසි යොමුකර තිබෙනවා.

කීර්ති රත්නායක නම් පුද්ගලයෙකු සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කර යූටියුබ් වෙත එක් කර ඇති අදාළ වීඩියෝවේ දැක්වෙන ප්‍රකාශ මගින් තම සේවාදායිකාවගේ කීර්ති නාමයට හානි වී ඇති බවටයි අදාළ එන්තරවාසියේ දැක්වෙන්නේ.

එබැවින් වහාම අදාළ වීඩියෝව ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දී ඇති අතර එසේ නොකරන්නේ නම් රුපියල් බිලියනයක මුදලක් දින 14ක් ඇතුලත ගෙවන ලෙසට චමුදිත සමරවික්‍රමට යොමු කළ එන්තරවාසිය මගින් අවධාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට හෝ එලෙස කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම් අපරාධමය සහ සිවිල් යන දෙඅංශයෙන්ම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවටයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Letter Of Demand1 scaled
Letter Of Demand2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
31
+1
4
+1
0
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?