ජර්මනියේ ගුවන්තොටුපළක් වැසේ

උතුරු ජර්මානු වරාය නගරයක් වන හැම්බර්ග් හි ගුවන් තොටුපළ වසා දමා ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.

ඒ සන්නද්ධ පුද්ගලයෙකු තම වාහනය ගේට්ටුවක් ද කඩා අහසට වෙඩි තැබීම් දෙකක් සිදු කර ගුවන් තොටුපළ තුළට ධාවනය කිරීමත් සමගයි.

මෙම පුද්ගලයා කිසියම් පිරිසක් ප්‍රාණ ඇපකයට ගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ.

ඔහු සෙනසුරාදා රාත්‍රී 8 ට ගේට්ටුවක් කඩාගෙන ගුවන් තොටුපළේ ගුවන් යානා නවතා, ගොඩබෑම සහ ඉන්ධන පිරවීම් සිදු කෙරෙන ස්ථානයට ධාවනය කර තිබෙනවා.

හැම්බර්ග් ගුවන්තොටුපළේ දැනට ප්‍රධාන පොලිස් මෙහෙයුමක් පවතින බවයි හැම්බර්ග් පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

කිසිවකුටත් තුවාල සිදුවී නැති බව පොලිසිය ප්‍රකාශ කළ අතර ගුවන් තොටුපළ ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම සඳහා වසා දමා ඇති බව නිවේදනය කර තිබෙනවා.

අපහසුතාවට ලක්වන සියලුම මගීන් සෘජුවම ගුවන් සමාගම හා සම්බන්ධ විය යුතු බවටයි ගුවන් තොටුපළ එහි වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ. ගුවන් තොටුපලේ ප්‍රකාශකයෙකු පැවසුවේ ගුවන් ගමන් 27 කට බලපෑම් එල්ල වී ඇති බවයි.

වෙඩි තැබීමෙන් පසු සැකකරු දැවෙන බෝතල් දෙකක් රථයෙන් පිටතට විසි කර ඇති බව ද පොලිසිය පවසා තිබෙනවා.

හැම්බර්ග් හි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෝටර් රථයේ කුඩා දරුවෙකු සිටි බවයි. මෙම පුද්ගලයාගේ බිරිඳ මීට පෙර දරුවන් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති බව ද පොලිසිය සඳහන් කරනවා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ටෙහෙරානයේ සිට හැම්බර්ග් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකට එල්ල වූ තර්ජනයක් හේතුවෙන් බලධාරීන් එම ගුවන් තොටුපළම වසා දමනු ලැබුවා.

ප්‍රකාශයක් නිකුත් කරමින් හැම්බර්ග් පොලිසිය පවසන්නේ රැඳවුම් ආරවුලක් මෙම සිදුවීමේ පසුබිම බවට තමන් විශ්වාස කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46