ජර්මනියේ ගුවන්තොටුපළක් වැසේ

උතුරු ජර්මානු වරාය නගරයක් වන හැම්බර්ග් හි ගුවන් තොටුපළ වසා දමා ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.

ඒ සන්නද්ධ පුද්ගලයෙකු තම වාහනය ගේට්ටුවක් ද කඩා අහසට වෙඩි තැබීම් දෙකක් සිදු කර ගුවන් තොටුපළ තුළට ධාවනය කිරීමත් සමගයි.

මෙම පුද්ගලයා කිසියම් පිරිසක් ප්‍රාණ ඇපකයට ගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ.

ඔහු සෙනසුරාදා රාත්‍රී 8 ට ගේට්ටුවක් කඩාගෙන ගුවන් තොටුපළේ ගුවන් යානා නවතා, ගොඩබෑම සහ ඉන්ධන පිරවීම් සිදු කෙරෙන ස්ථානයට ධාවනය කර තිබෙනවා.

හැම්බර්ග් ගුවන්තොටුපළේ දැනට ප්‍රධාන පොලිස් මෙහෙයුමක් පවතින බවයි හැම්බර්ග් පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

කිසිවකුටත් තුවාල සිදුවී නැති බව පොලිසිය ප්‍රකාශ කළ අතර ගුවන් තොටුපළ ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම සඳහා වසා දමා ඇති බව නිවේදනය කර තිබෙනවා.

අපහසුතාවට ලක්වන සියලුම මගීන් සෘජුවම ගුවන් සමාගම හා සම්බන්ධ විය යුතු බවටයි ගුවන් තොටුපළ එහි වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ. ගුවන් තොටුපලේ ප්‍රකාශකයෙකු පැවසුවේ ගුවන් ගමන් 27 කට බලපෑම් එල්ල වී ඇති බවයි.

වෙඩි තැබීමෙන් පසු සැකකරු දැවෙන බෝතල් දෙකක් රථයෙන් පිටතට විසි කර ඇති බව ද පොලිසිය පවසා තිබෙනවා.

හැම්බර්ග් හි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෝටර් රථයේ කුඩා දරුවෙකු සිටි බවයි. මෙම පුද්ගලයාගේ බිරිඳ මීට පෙර දරුවන් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති බව ද පොලිසිය සඳහන් කරනවා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ටෙහෙරානයේ සිට හැම්බර්ග් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකට එල්ල වූ තර්ජනයක් හේතුවෙන් බලධාරීන් එම ගුවන් තොටුපළම වසා දමනු ලැබුවා.

ප්‍රකාශයක් නිකුත් කරමින් හැම්බර්ග් පොලිසිය පවසන්නේ රැඳවුම් ආරවුලක් මෙම සිදුවීමේ පසුබිම බවට තමන් විශ්වාස කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?