ජය ගඟෙහි බැම්ම පුපුරා යයි – ජන ජීවිත අනතුරේ (ඡායාරූප)

කලාවැව සිට අනුරාධපුරය දක්වා ජලය ගෙන යන නව ජය ගඟෙහි බැම්මේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරී වැටීම නිසා ඉපලෝගම අලුත් අක්කරය ප්‍රදේශයේ දී කලාවැව – නව ජය ගඟෙහි බැම්මට බරපතළ හානි සිදු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඉකුත්දා ඇදහැලුණු වර්ෂාවත් සමග ජය ගඟෙහි බැම්මේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරි වැටීමෙන් එම බැම්ම කැඩී ගොස් මෙලෙස හානි සිදු වූ බවට ප්‍රදේශවාසීන් පෙන්වාදෙන බවයි.

ගම්මාන රැසක ජනතාව ගමන් කරනු ලබන මාර්ගය වී ඇත්තේ ද එම ජය ගඟ මතින් දිවෙන බැම්මයි.

මීට දින තුනකට පමණ පෙර පැවති වැසි සහිත අවස්ථාවක දී එම ස්ථානයේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරී බැම්ම මතට වැටී තිබෙනවා.

එම සිදුවීමෙන් ජය ගඟ බැම්මට ද විශාල ලෙස හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

බැම්මේ කොටසක් ගසත් සමග ගැලවී ගොස් ඇති අතර එම ස්ථානය මේ වනවිට තවදුරටත් සෝදා පාළුවට ද ලක්වෙමින් තිබෙනවා.

මේ වනවිට වගාවන් සඳහා අවශ්‍ය ජලය ද ජය ගඟ ඔස්සේ නිකුත් කර තිබෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව මේ දිනවල ජය ගඟේ තත්පරයට ඝන අඩි 1100කට වැඩි ජල මට්ටමක් ද නිරන්තරයෙන් ගලා යන අතර; එමගින් අදාළ ස්ථානයේ සෝදා පාළුවට ලක්වීම තව තවත් වැඩි වෙමින් පවතිනවා.

මෙම හානිය සිදු ව ඇති ස්ථානයේ ඇළ බැම්ම ද ස්ථාන කිහිපයකින් පුපුරා ගොස් ඇති අයුරු දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

ඊට යාබද තවත් ස්ථානයක දී මීට වසරකට පමණ පෙර ද මෙලෙස ම බැම්ම මතට විශාල ගසක් ඉදිරී වැටී හානි සිදු වුව ද මෙතෙක් කිසිදු වගකිව යුතු බලධාරියෙකු එය පිළිසකර කිරීමට පැමිණ නැති බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
4
+1
3
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35