ජය ගඟෙහි බැම්ම පුපුරා යයි – ජන ජීවිත අනතුරේ (ඡායාරූප)

කලාවැව සිට අනුරාධපුරය දක්වා ජලය ගෙන යන නව ජය ගඟෙහි බැම්මේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරී වැටීම නිසා ඉපලෝගම අලුත් අක්කරය ප්‍රදේශයේ දී කලාවැව – නව ජය ගඟෙහි බැම්මට බරපතළ හානි සිදු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඉකුත්දා ඇදහැලුණු වර්ෂාවත් සමග ජය ගඟෙහි බැම්මේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරි වැටීමෙන් එම බැම්ම කැඩී ගොස් මෙලෙස හානි සිදු වූ බවට ප්‍රදේශවාසීන් පෙන්වාදෙන බවයි.

ගම්මාන රැසක ජනතාව ගමන් කරනු ලබන මාර්ගය වී ඇත්තේ ද එම ජය ගඟ මතින් දිවෙන බැම්මයි.

මීට දින තුනකට පමණ පෙර පැවති වැසි සහිත අවස්ථාවක දී එම ස්ථානයේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරී බැම්ම මතට වැටී තිබෙනවා.

එම සිදුවීමෙන් ජය ගඟ බැම්මට ද විශාල ලෙස හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

බැම්මේ කොටසක් ගසත් සමග ගැලවී ගොස් ඇති අතර එම ස්ථානය මේ වනවිට තවදුරටත් සෝදා පාළුවට ද ලක්වෙමින් තිබෙනවා.

මේ වනවිට වගාවන් සඳහා අවශ්‍ය ජලය ද ජය ගඟ ඔස්සේ නිකුත් කර තිබෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව මේ දිනවල ජය ගඟේ තත්පරයට ඝන අඩි 1100කට වැඩි ජල මට්ටමක් ද නිරන්තරයෙන් ගලා යන අතර; එමගින් අදාළ ස්ථානයේ සෝදා පාළුවට ලක්වීම තව තවත් වැඩි වෙමින් පවතිනවා.

මෙම හානිය සිදු ව ඇති ස්ථානයේ ඇළ බැම්ම ද ස්ථාන කිහිපයකින් පුපුරා ගොස් ඇති අයුරු දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

ඊට යාබද තවත් ස්ථානයක දී මීට වසරකට පමණ පෙර ද මෙලෙස ම බැම්ම මතට විශාල ගසක් ඉදිරී වැටී හානි සිදු වුව ද මෙතෙක් කිසිදු වගකිව යුතු බලධාරියෙකු එය පිළිසකර කිරීමට පැමිණ නැති බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
WhatsApp Image 2023 10 25 at 10.26.43
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
4
+1
3
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?