ජය ගඟට වැටී පුද්ගලයෙකු මරුට

ජය ගඟෙහි ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ එප්පාවල, අමුණුකොළය ප්‍රදේශයේ දී යි.

මෙලෙස මියගිය පුද්ගල‍යා ජය ගඟේ ජල පාලකවරයෙකු ලෙස සේවය කර තිබෙනවා.

එප්පාවල, නල්ලමුදාව පදිංචි ඩබ්.ජී ධර්මසේන නමැති 53 හැවිරිදි අ‍යෙක් අනතුරින් ජීවිතක්ෂයට පත් ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔහු කලාවැවේ සිට අනුරාධපුරයට ජලය ගලා යන ජය ගඟෙහි එප්පාවල, අමුණුකොළය වාන් දොරටු පාලනය
කිරීමට යොදවා සිටි වසර ගණනක් සේවය කළ ජල පාලකවරයෙක් බවට ද වාර්තා වනවා.

එම වාන් දොරටුවල සිර වී ඇති ලී කොට, අතු ඇතුළු අපද්‍රව්‍යය ඉවත් කිරීමට යාමේ දී ඔහු මෙලෙස දියේ ගිලී
ජීවිතක්ෂයට පත් වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

ඔහු වාන් දොරටු උඩ සිට කොක්කක් ආධාරයෙන් වාන් දොරටුවල සිර වූ අපද්‍රව්‍යය ඉවත් කිරීම සිදු කරන බවත්, එලෙස සිදු කරමින් සිටියදී ඔහු ජය ගඟට වැටෙන්නට ඇතැයි සැක කරන බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ පස්වරුව වන විටත් ඔහු නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් ඒ පිළිබඳ ව සොයා බලා, ඔහුගේ
පුත්‍රයකු විසින් තම පියා පිළිබඳ තොරතුරක් නොමැති බවට පවසා පස්වරු 7.00 ට පමණ එප්පාවල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව කළ සොයා බැලීමක දී ඔහුගේ මළ සිරුර රාත්‍රී 10.00 ට පමණ ජය ගඟේ තිබී සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?