ජය ගඟට වැටී පුද්ගලයෙකු මරුට

ජය ගඟෙහි ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ එප්පාවල, අමුණුකොළය ප්‍රදේශයේ දී යි.

මෙලෙස මියගිය පුද්ගල‍යා ජය ගඟේ ජල පාලකවරයෙකු ලෙස සේවය කර තිබෙනවා.

එප්පාවල, නල්ලමුදාව පදිංචි ඩබ්.ජී ධර්මසේන නමැති 53 හැවිරිදි අ‍යෙක් අනතුරින් ජීවිතක්ෂයට පත් ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔහු කලාවැවේ සිට අනුරාධපුරයට ජලය ගලා යන ජය ගඟෙහි එප්පාවල, අමුණුකොළය වාන් දොරටු පාලනය
කිරීමට යොදවා සිටි වසර ගණනක් සේවය කළ ජල පාලකවරයෙක් බවට ද වාර්තා වනවා.

එම වාන් දොරටුවල සිර වී ඇති ලී කොට, අතු ඇතුළු අපද්‍රව්‍යය ඉවත් කිරීමට යාමේ දී ඔහු මෙලෙස දියේ ගිලී
ජීවිතක්ෂයට පත් වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

ඔහු වාන් දොරටු උඩ සිට කොක්කක් ආධාරයෙන් වාන් දොරටුවල සිර වූ අපද්‍රව්‍යය ඉවත් කිරීම සිදු කරන බවත්, එලෙස සිදු කරමින් සිටියදී ඔහු ජය ගඟට වැටෙන්නට ඇතැයි සැක කරන බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ පස්වරුව වන විටත් ඔහු නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් ඒ පිළිබඳ ව සොයා බලා, ඔහුගේ
පුත්‍රයකු විසින් තම පියා පිළිබඳ තොරතුරක් නොමැති බවට පවසා පස්වරු 7.00 ට පමණ එප්පාවල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව කළ සොයා බැලීමක දී ඔහුගේ මළ සිරුර රාත්‍රී 10.00 ට පමණ ජය ගඟේ තිබී සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04