ජයවර්ධනපුර සරසවිය යටතේ විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කිරීම ගැන අවධානය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යටතේ ව්‍යවසායකත්වය පිළිබඳ විශ්ව විද්‍යාල විද්‍යායතනයක් (University College) ආරම්භ කිරීම සමබන්ධයෙන් ජාතික සභා අනු කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

මේ පිළිබඳව සාකච්චා කෙරුණේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී අධ්‍යනාංශයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යටතේ පවතින ව්‍යවසායකත්ව අධ්‍යයන අංශය මෙසේ විශ්ව විද්‍යාලය විද්‍යායතනයක් බවට පත්කිරීමේ අවශ්‍යතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

මෙමගින් ළමයින් විශාල පිරිසකට ව්‍යවසායකත්ව දැනුම ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවයි සඳහන් කෙරුණේ. මෙහිදී මෙම ආයතනයේ ආරම්භක සැලැස්ම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම සිදු වී තිබෙනවා.

මේ අනුව මෙම විශ්ව විද්‍යාලය විද්‍යායතනය (University College) හෝමාගම පිටිපන ප්‍රදේශය මූලිකව ආරම්භ කිරීමට සාකච්ඡා වුණා.

එසේම කුරුණෑගල සහ ගාල්ල ‍වැනි දිස්ත්‍රික්කවලද මෙම විශ්ව විද්‍යාලය විද්‍යායතනය ආරම්භ කිරීම පිළිබඳ අවදානය යොමු වූ අතර ඒ සඳහා එම දිස්ත්‍රික්කවල පවතින දැනට ඇති Technology Park නම් ඉඩම් යොදාගැනීම පිළිබඳවයි සාකච්ඡා කර ඇත්තේ.

ඉතා ඉක්මනින් මෙම ආයතනය ආරම්භ කිරීමට අදාළව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම ඉදිරිපත් කිරීමක් සහිතව මෙම අධ්‍යනාංශයෙන් අධ්‍යායන කටයුතු සිදු කර දැනට ව්‍යවසායකයන් ලෙස ක්ෂේත්‍රයේ වැඩකරන පුද්ගලයන් පිළිබඳව ද පැමිණි ආචාර්යවරුන් පෙන්වා දී තිබෙනවා.

මෙහිදී මෙම අනුකමිටුවේ සභාපතිවරයා විසින් ව්‍යවසායකත්ව දැනුම රටටම අවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් අතර, මෙම විශ්ව විද්‍යාල විද්‍යායතනය රටට ඉතා වැදගත් බවද සඳහන් කළා.

එසේම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියාසිටියේ මේ වෙනුවෙන් තාවකාලිකව හෝ ගොඩනැගිල්ලක් ලබාදීමට හැකි නම් එය ඉතා වැදගත් වන බවයි.

තව ද මේ පිළිබඳ ප්‍රගති සමාලෝචනය මාසයක් ඇතුළත සිදුකිරීම ද මෙහිදී තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21


?