ජයග්‍රහණයට හේතුව මහීෂ් තීක්ෂණ කියයි

එංගලන්තයට එරෙහි තරගයේදී සියලු පන්දු යවන්නන් විනය ගරුක ලෙස පන්දු යැවීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට පාදක වූ බව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා. ආරම්භක පන්දු වාර කිහිපයේදී නිසි ඉලක්කයට පන්දු යොමු නොකිරීම හේතුවෙන් ලකුණු කිහිපයක් ප්‍රතිවාදීන් ලබා ගත්තද, ඇන්ජලෝ මැතිව්ස් පන්දුව අතට ගත් පසු ඔහුගේ අත්දැකීම් උපයෝගී කරගෙන ප්‍රතිවදීන් යම් දුරකට මර්ධනය කිරීමට හැකිවූ බවයි තීක්ෂණ සඳහන් කළේ.

බැංගලෝර් එම්. චින්නස්වාමි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තීක්ෂණ මේ බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය මුලින් පන්දුවට පහරදී පන්දු වාර 33.2කදී ලකුණු 156ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 146ක් ඉතිරිව තිබියදී කඩුලු 2ක් දැවී ලකුණු 160ක් ලබා ජය තහවුරු කර ගත්තා.

“කලින් තරගවලට වඩා අපේ විනයගරුක පන්දු යැවීම නැවත ඇති කර ගන්න එංගලන්තයට එරෙහි තරගයේදී පුළුවන් වුණා. ඇන්ජලෝගේ සාර්ථකත්වය සමඟම අනෙක් අන්තයෙන් පන්දු යැවූ ළහිරු කඩුලු ලබා ගත්තා. අපගේ ප්‍රබල පන්දු යැවීම තුලින් ප්‍රතිවාදී කණ්ඩායම ආරක්ෂාකාරී වෙනවාට වඩා විකල්පයක් තිබුණේ නෑ. ඔවුන් ඉදිරියට පැමිණ පන්දුවට පහරදීම ඒ තත්ත්වය තුල වැළකුණා. ඔවුන්ට හයේ සහ හතරේ පහරවල් එල්ල කිරීමට ඉඩක් ලැබුණේ නෑ. ඒ අතරේ අපිට කඩුලු ගන්න අවස්ථා උදා වුණා“ තීක්ෂණ පැවැසීය.

“බැංගලෝර් ක්‍රීඩාංගණයේදී මම අයිපීඑල් තරගයක් ක්‍රීඩා කරලා තියෙනවා, තණතීරුව එදාට වඩා ටිකක් වෙනස්. පොඩි දඟ කැවීමක් තිබුණා වගේම පොඩි වේගයක් සහ ඉපිලී එන ගතියක් තිබුණා. අයිපීඑල් තරගයේ තිබුණේ පැතලි තණතීරුවකි. එම තණතීරුවේ ලකුණු රැස් කිරීම ඇත්තෙන්ම පහසු වුණා. මෙම තරගයේ දී ලකුණු රැස් කිරීම දුෂ්කර වූ බව මම අදහස් කරන්නේ නෑ. අපි කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 150ක් ලබා ගත්තා. තරගය පුරාවටම අපි වේගය රැකගත් නිසා අපගේ ජයග්‍රහණය පහසු වුණා“

“මැතිව්ස්ගේ එක්වීම කණ්ඩායමක් ලෙස සතුටු විය යුතුයි. ඔහු ඉතාමත් පළපුරුදු ක්‍රීඩකයෙක්. ඔහු ඉන්දියාවේ ක්‍රීඩා කර තියෙනවා. අපට ඔහුගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති නිසා ඔහු අපට සම්පතක් කියන්න පුලුවන්. අපි පන්දු යවන විටත් ඔහුගේ අත්දැකීම් තරගයේදී යොදා ගත්තා. මේ වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් කණ්ඩායමට ඉන්න එක ගැන සතුටු වෙනවා“

“එංගලන්තයට එරෙහි එකම නිත්‍ය දඟ පන්දු යවන්නා ලෙස එක්වීම පීඩනයක් ලෙස සලකන්නේ නැහැ. කණ්ඩායම මා කෙරෙහි විශ්වාසය තැබූ අවස්ථාවක් ලෙසයි මම එය දකින්නේ. තණතිල්ලේ තත්ත්වය, අපේ ක්‍රීඩාවේ ඉතිහාසය සලකා බැලීමේදී අපි එක් දඟ පන්දු යවන්නෙකු පමණක් යොදාගෙන සාර්ථක වී තිබෙනවා. මම අනෙක් අන්තයේ පන්දු යවන්නා සමඟ අවබෝධයක් ඇති කර ගැනීමට උත්සාහ කළා“

“අපි මේ වෙනකොට තරග දෙකක් දිනලා තියෙන නිසා කණ්ඩායමක් විදියට අපේ විශ්වාසය ගොඩක් වැඩිවෙලා. ඒ වගේම එංගලන්තයට එරෙහි තරගය ජය ගැනීම අපට ඉතාමත් සතුටුදායක ජයක්. කණ්ඩායමක් ලෙස ඉදිරි තරග හතරේදී හොඳින් ක්‍රීඩා කර අවසන් පූර්ව වටයට පැමිණීමට බලාපොරොත්තු වෙනවා“ තීක්ෂණ පැවැසීය.

“අපගේ පන්දු රැකීමේ අංශයේ ඉහළ ප්‍රමිතියක් පවත්වා ගැනීමේ වැදගත්කම අපි නිරන්තරයෙන් අවධාරණය කර තිබෙනවා. පසුගිය තරග කිහිපයකදීම අපේ පන්දු යවන්නන් පීඩනයට පත් කරමින් ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීමට හැකි වන ආකාරයේ වැරදි සිදු කළා. කොහොම වුණත් මේ තරගයේදී අපි කඩුලු දෙක තුනක් දවා ගන්නට සමත් වීම නිසා අපි වඩාත් ශක්තිමත් තත්ත්වයකට පත් වුණා. ප්‍රතිවාදී කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට අපි දැඩි උත්සාහයක් ගත්තා. පන්දු රැකීම හොද තත්ත්වයක තිබුණා. ඒ වගේම පන්දු යැවීම හා පන්දුවට පහරදිම යන අංශ සියල්ල හොදින් සිදුවුණා“

“පළමු තරග හතරේ මැද ඕවරවල අපි හොඳින් පන්දු යැව්වේ නැති නිසා ප්‍රශ්නවලට මුහුණ දුන්නා. නෙදර්ලන්තයට එරෙහි තරගයේදී අපි අලුත් පන්දුවෙන් හොඳින් පන්දු යැව්වා. මම හිතන්නේ අපේ පන්දු යැවීම නිසා තරග තුනක් පැරදුණා. පන්දු යැවීමේ වැඩි විනයක් ලබා ගැනීම සඳහා පුහුණු සැසි කිහිපයක් කළා. සියලුම වේග පන්දු යවන්නන් තරගයට පෙර දිනයේ වෙහෙස මහන්සි වී වැඩ කළා. ඒනිසා දැන් සාර්ථක ගමන් මඟකට පිවිස තිබෙනවා“ යැයි තික්ෂණ පැවැසීය.

එංගලන්තය ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයත් සමග තරග 5කට සහභාගීවී තරග 4ක් පරාජයවී ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා පහළ ගිය අතර, ශ්‍රී ලංකාව තරග 5කින් තරග දෙකක් දිනා ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉහළ පැමිණියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?