ජයග්‍රහණයට හේතුව මහීෂ් තීක්ෂණ කියයි

එංගලන්තයට එරෙහි තරගයේදී සියලු පන්දු යවන්නන් විනය ගරුක ලෙස පන්දු යැවීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට පාදක වූ බව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා. ආරම්භක පන්දු වාර කිහිපයේදී නිසි ඉලක්කයට පන්දු යොමු නොකිරීම හේතුවෙන් ලකුණු කිහිපයක් ප්‍රතිවාදීන් ලබා ගත්තද, ඇන්ජලෝ මැතිව්ස් පන්දුව අතට ගත් පසු ඔහුගේ අත්දැකීම් උපයෝගී කරගෙන ප්‍රතිවදීන් යම් දුරකට මර්ධනය කිරීමට හැකිවූ බවයි තීක්ෂණ සඳහන් කළේ.

බැංගලෝර් එම්. චින්නස්වාමි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තීක්ෂණ මේ බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය මුලින් පන්දුවට පහරදී පන්දු වාර 33.2කදී ලකුණු 156ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 146ක් ඉතිරිව තිබියදී කඩුලු 2ක් දැවී ලකුණු 160ක් ලබා ජය තහවුරු කර ගත්තා.

“කලින් තරගවලට වඩා අපේ විනයගරුක පන්දු යැවීම නැවත ඇති කර ගන්න එංගලන්තයට එරෙහි තරගයේදී පුළුවන් වුණා. ඇන්ජලෝගේ සාර්ථකත්වය සමඟම අනෙක් අන්තයෙන් පන්දු යැවූ ළහිරු කඩුලු ලබා ගත්තා. අපගේ ප්‍රබල පන්දු යැවීම තුලින් ප්‍රතිවාදී කණ්ඩායම ආරක්ෂාකාරී වෙනවාට වඩා විකල්පයක් තිබුණේ නෑ. ඔවුන් ඉදිරියට පැමිණ පන්දුවට පහරදීම ඒ තත්ත්වය තුල වැළකුණා. ඔවුන්ට හයේ සහ හතරේ පහරවල් එල්ල කිරීමට ඉඩක් ලැබුණේ නෑ. ඒ අතරේ අපිට කඩුලු ගන්න අවස්ථා උදා වුණා“ තීක්ෂණ පැවැසීය.

“බැංගලෝර් ක්‍රීඩාංගණයේදී මම අයිපීඑල් තරගයක් ක්‍රීඩා කරලා තියෙනවා, තණතීරුව එදාට වඩා ටිකක් වෙනස්. පොඩි දඟ කැවීමක් තිබුණා වගේම පොඩි වේගයක් සහ ඉපිලී එන ගතියක් තිබුණා. අයිපීඑල් තරගයේ තිබුණේ පැතලි තණතීරුවකි. එම තණතීරුවේ ලකුණු රැස් කිරීම ඇත්තෙන්ම පහසු වුණා. මෙම තරගයේ දී ලකුණු රැස් කිරීම දුෂ්කර වූ බව මම අදහස් කරන්නේ නෑ. අපි කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 150ක් ලබා ගත්තා. තරගය පුරාවටම අපි වේගය රැකගත් නිසා අපගේ ජයග්‍රහණය පහසු වුණා“

“මැතිව්ස්ගේ එක්වීම කණ්ඩායමක් ලෙස සතුටු විය යුතුයි. ඔහු ඉතාමත් පළපුරුදු ක්‍රීඩකයෙක්. ඔහු ඉන්දියාවේ ක්‍රීඩා කර තියෙනවා. අපට ඔහුගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති නිසා ඔහු අපට සම්පතක් කියන්න පුලුවන්. අපි පන්දු යවන විටත් ඔහුගේ අත්දැකීම් තරගයේදී යොදා ගත්තා. මේ වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් කණ්ඩායමට ඉන්න එක ගැන සතුටු වෙනවා“

“එංගලන්තයට එරෙහි එකම නිත්‍ය දඟ පන්දු යවන්නා ලෙස එක්වීම පීඩනයක් ලෙස සලකන්නේ නැහැ. කණ්ඩායම මා කෙරෙහි විශ්වාසය තැබූ අවස්ථාවක් ලෙසයි මම එය දකින්නේ. තණතිල්ලේ තත්ත්වය, අපේ ක්‍රීඩාවේ ඉතිහාසය සලකා බැලීමේදී අපි එක් දඟ පන්දු යවන්නෙකු පමණක් යොදාගෙන සාර්ථක වී තිබෙනවා. මම අනෙක් අන්තයේ පන්දු යවන්නා සමඟ අවබෝධයක් ඇති කර ගැනීමට උත්සාහ කළා“

“අපි මේ වෙනකොට තරග දෙකක් දිනලා තියෙන නිසා කණ්ඩායමක් විදියට අපේ විශ්වාසය ගොඩක් වැඩිවෙලා. ඒ වගේම එංගලන්තයට එරෙහි තරගය ජය ගැනීම අපට ඉතාමත් සතුටුදායක ජයක්. කණ්ඩායමක් ලෙස ඉදිරි තරග හතරේදී හොඳින් ක්‍රීඩා කර අවසන් පූර්ව වටයට පැමිණීමට බලාපොරොත්තු වෙනවා“ තීක්ෂණ පැවැසීය.

“අපගේ පන්දු රැකීමේ අංශයේ ඉහළ ප්‍රමිතියක් පවත්වා ගැනීමේ වැදගත්කම අපි නිරන්තරයෙන් අවධාරණය කර තිබෙනවා. පසුගිය තරග කිහිපයකදීම අපේ පන්දු යවන්නන් පීඩනයට පත් කරමින් ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීමට හැකි වන ආකාරයේ වැරදි සිදු කළා. කොහොම වුණත් මේ තරගයේදී අපි කඩුලු දෙක තුනක් දවා ගන්නට සමත් වීම නිසා අපි වඩාත් ශක්තිමත් තත්ත්වයකට පත් වුණා. ප්‍රතිවාදී කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට අපි දැඩි උත්සාහයක් ගත්තා. පන්දු රැකීම හොද තත්ත්වයක තිබුණා. ඒ වගේම පන්දු යැවීම හා පන්දුවට පහරදිම යන අංශ සියල්ල හොදින් සිදුවුණා“

“පළමු තරග හතරේ මැද ඕවරවල අපි හොඳින් පන්දු යැව්වේ නැති නිසා ප්‍රශ්නවලට මුහුණ දුන්නා. නෙදර්ලන්තයට එරෙහි තරගයේදී අපි අලුත් පන්දුවෙන් හොඳින් පන්දු යැව්වා. මම හිතන්නේ අපේ පන්දු යැවීම නිසා තරග තුනක් පැරදුණා. පන්දු යැවීමේ වැඩි විනයක් ලබා ගැනීම සඳහා පුහුණු සැසි කිහිපයක් කළා. සියලුම වේග පන්දු යවන්නන් තරගයට පෙර දිනයේ වෙහෙස මහන්සි වී වැඩ කළා. ඒනිසා දැන් සාර්ථක ගමන් මඟකට පිවිස තිබෙනවා“ යැයි තික්ෂණ පැවැසීය.

එංගලන්තය ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයත් සමග තරග 5කට සහභාගීවී තරග 4ක් පරාජයවී ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා පහළ ගිය අතර, ශ්‍රී ලංකාව තරග 5කින් තරග දෙකක් දිනා ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉහළ පැමිණියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39