ජයග්‍රහණයට ඇෆ්ගනුන්ට ලකුණු 283ක ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 22 වැනි තරගය ජයග්‍රහණය කිරීමට පාකිස්ථාන කණ්ඩායමෙන් ඇෆ්ගනුන් හට මීට ටික වේලාවකට පෙර ලකුණු 283ක ඉලක්කයක් හිමි වුණා.

තරගය අද පස්වරු දෙකට ආරම්භ වූයේ නායක බාබර් අසාම් හට කාසියේ වාසියේ දිනුම ද හිමිකර දෙමින්.

චෙන්නායි හි දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බාබර් තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථාන මුල් පෙළ පිතිකරුවන් හට පෙර ආකාරයේ ප්‍රවේගකාරී පිතිකරණයක යෙදීම අවසරය ලබා නොදෙන්නටයි ඇෆ්ගන් පන්දු බලඇණිය ක්‍රියා කළේ.

ශඩබ් ඛාන් සහ ඉෆ්තිකර් අහමඩ් අතරේ පමණක් සයවැනි කඩුල්ල වෙනුවෙන් ඉහළ ලකුණු සබඳතාවක් ගොඩනැගුණා.

එම සබඳතාව බිඳ වැටුණේ පන්දු 26කට ලකුණු 40ක් ලබා සිටි ඉෆ්තිකර් නවීන් යොමු කළ පන්දුවක් හමුවේ දැවී යාමත් සමගයි.

නායක බාබර් අසාම් ලකුණු 74ක් ද, ආරම්භක පිතිකරු අබ්දුල්ලා ලකුණු 58ක් ද රැස් කළා.

ශඩබ් ඛාන් පන්දු 38කට ලකුණු 40ක් ලබා සිටියදී පන්දුවාර 50 පිරෙන අවස්ථාවේ දී දැවී ගියේ පාකිස්ථානයේ සත්වැනි කඩුල්ල ලෙසටයි.

ඒ නවීන්ගේ පන්දුවක් හමුවේයි.

කඩුලු බිඳ දැමීමේ දී නූර් අහමඩ් කඩුලු 03ක් ද, නවීන්ගෙන් කඩුලු 02ක් ද, නබි සහ ඔමර් සායි එක් ව එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

තරගය ජයග්‍රහණය කිරීමට ප්‍රතිවාදී ඇෆ්ගනිස්ථානයට පන්දු 300ක දී කඩුලු 10ක් තුළ ලකුණු 283 ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29