AFC Banner
Empty Ad
Empty Ad

ජ’පුර සරසවියේ නේවාසිකාගාරයක් තුළ සිසුවෙක් ගෙළ වැළලාගෙන මිය ගිහින් (ඡායාරූප)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් කුලී පදනම මත මහරගම, කටුවාවල ප්‍රදේශයේ පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයක බිම් මහලේ, ශිෂ්‍යයෙකු ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇත්තේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙක්.

විග්නේෂ්වරන් අභිනෙජන් නැමැති 23 හැවිරිදි වියේ පසු වූ මෙම සිසුවා යාපනය, නාරාතනායි ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම සිසුවා නේවාසිකාගාර ගොඩනැගිල්ලේ එළිමහන් මිදුලේ කොන්ක්‍රීට් බාල්ක අතර, ලණුවකින් එල්ලී සිටින අයුරු තවත් සිසුවකු අද (16) අලුයම දැක තිබෙනවා.

අනතුරුව සිසුවා එල්ලී සිටි ලණුව කපා පරීක්ෂා කිරීමේ දී සිසුවා මිය ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිසුවාගේ මෙම හදිසි මරණය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන්ට සැකයක් ඇති බවට පැවසීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මහරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
1
+1
10
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?