ජ’පුර සරසවියේ නේවාසිකාගාරයක් තුළ සිසුවෙක් ගෙළ වැළලාගෙන මිය ගිහින් (ඡායාරූප)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් කුලී පදනම මත මහරගම, කටුවාවල ප්‍රදේශයේ පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයක බිම් මහලේ, ශිෂ්‍යයෙකු ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇත්තේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙක්.

විග්නේෂ්වරන් අභිනෙජන් නැමැති 23 හැවිරිදි වියේ පසු වූ මෙම සිසුවා යාපනය, නාරාතනායි ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම සිසුවා නේවාසිකාගාර ගොඩනැගිල්ලේ එළිමහන් මිදුලේ කොන්ක්‍රීට් බාල්ක අතර, ලණුවකින් එල්ලී සිටින අයුරු තවත් සිසුවකු අද (16) අලුයම දැක තිබෙනවා.

අනතුරුව සිසුවා එල්ලී සිටි ලණුව කපා පරීක්ෂා කිරීමේ දී සිසුවා මිය ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිසුවාගේ මෙම හදිසි මරණය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන්ට සැකයක් ඇති බවට පැවසීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මහරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04