ජපාන ගුවන් තොටුපළක වළ දමා තිබූ එක්සත් ජනපද බෝම්බයක් පුපුරා යයි

ජපාන ගුවන් තොටුපළක වළ දමා තිබූ එක්සත් ජනපද බෝම්බයක් ඊයේ (03) දින පුපුරා යාමෙන් කුලී රථ මාර්ගයක ආවාටයක් ඇති වූ අතර ගුවන් ගමන් 80කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා.

කුඩා පිපිරීමෙන් මීටර් හතක් (අඩි 23) පමණ පළල සිදුරක් ඇති වී ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.

නිරිතදිග ජපානයේ Miyazaki ගුවන් තොටුපළේ පිපිරුණු බෝම්බය, දෙවන ලෝක යුද්ධ සමයේදී මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහා “kamikaze” ගුවන් යානා වැලැක්වීම සඳහා හෙළන්නට ඇතැයි එරට බලධාරීන් සැක පළ කරනවා.

ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිමාසා හයාෂි පැවසුවේ අද (03) දින ගුවන් තොටුපළ නැවත විවෘත කිරීමට උත්සාහ ගන්නා බවයි. .

ජපානයේ ආත්මාරක්ෂක බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක් විසින් එය එක්සත් ජනපද‍යේ නිෂපාදිත රාත්තල් 500ක් බර බෝම්බයක් බවට තහවුරු කරගෙන තිබෙනවා.

බෝම්බය හෙළුවේ කවදාද යන්න තහවුරු කළ නොහැකි බවයි එරට ප්‍රවාහන අමාත්‍යවරයකු ප්‍රකාශ කර ඇත්තේ.

නමුත් ප්‍රාදේශීය මාධ්‍ය අවධාරණය කරන්නේ; එය දෙවන ලෝක යුද්ධ සමයේදී භාවිතයටගත් බෝම්බයක් බවයි.

කියුෂු දූපතේ ගිනිකොන දෙසින් පිහිටා ඇති මියසාකි ගුවන් තොටුපළ 1943 දී අධිරාජ්‍ය ජපන් නාවික හමුදා කඳවුරක් ලෙස ඉදිකර තිබෙනවා.

රොයිටර් පුවත් ඒජන්සිය පවසන්නේ; 2023 වසර තුළ ටොන් 41ක් බරැති බෝම්බ 2,348ක් විනාශ කිරීමට කටයුතු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30
Video thumbnail
පාසල් ක්‍රීඩා සෙල්ලම් කරන දරුවන්ට විශේෂ දැනුම්දීමක්
10:52