AFC Banner
Empty Ad
Empty Ad

ජපාන ගුවන් තොටුපළක වළ දමා තිබූ එක්සත් ජනපද බෝම්බයක් පුපුරා යයි

ජපාන ගුවන් තොටුපළක වළ දමා තිබූ එක්සත් ජනපද බෝම්බයක් ඊයේ (03) දින පුපුරා යාමෙන් කුලී රථ මාර්ගයක ආවාටයක් ඇති වූ අතර ගුවන් ගමන් 80කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා.

කුඩා පිපිරීමෙන් මීටර් හතක් (අඩි 23) පමණ පළල සිදුරක් ඇති වී ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.

නිරිතදිග ජපානයේ Miyazaki ගුවන් තොටුපළේ පිපිරුණු බෝම්බය, දෙවන ලෝක යුද්ධ සමයේදී මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහා “kamikaze” ගුවන් යානා වැලැක්වීම සඳහා හෙළන්නට ඇතැයි එරට බලධාරීන් සැක පළ කරනවා.

ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිමාසා හයාෂි පැවසුවේ අද (03) දින ගුවන් තොටුපළ නැවත විවෘත කිරීමට උත්සාහ ගන්නා බවයි. .

ජපානයේ ආත්මාරක්ෂක බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක් විසින් එය එක්සත් ජනපද‍යේ නිෂපාදිත රාත්තල් 500ක් බර බෝම්බයක් බවට තහවුරු කරගෙන තිබෙනවා.

බෝම්බය හෙළුවේ කවදාද යන්න තහවුරු කළ නොහැකි බවයි එරට ප්‍රවාහන අමාත්‍යවරයකු ප්‍රකාශ කර ඇත්තේ.

නමුත් ප්‍රාදේශීය මාධ්‍ය අවධාරණය කරන්නේ; එය දෙවන ලෝක යුද්ධ සමයේදී භාවිතයටගත් බෝම්බයක් බවයි.

කියුෂු දූපතේ ගිනිකොන දෙසින් පිහිටා ඇති මියසාකි ගුවන් තොටුපළ 1943 දී අධිරාජ්‍ය ජපන් නාවික හමුදා කඳවුරක් ලෙස ඉදිකර තිබෙනවා.

රොයිටර් පුවත් ඒජන්සිය පවසන්නේ; 2023 වසර තුළ ටොන් 41ක් බරැති බෝම්බ 2,348ක් විනාශ කිරීමට කටයුතු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?