AFC Banner
Empty Ad
Empty Ad

ජපානය සහ පිලිපීනය ආරක්ෂක ගිවිසුමක් අත්සන් තබයි

කලාපීය මුහුදේ චීනයේ වැඩෙන බලපෑම් මධ්‍යයේ, සමීප ආරක්ෂක සහයෝගීතාව සඳහා ඒකාබද්ධ අභ්‍යාසවලට පහසුකම් සැලසීම සඳහා ජපානය සහ පිලිපීනය පෙරේදා (08) ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබුවා.

ජපාන විදේශ අමාත්‍ය කමිකාවා යොකෝ සහ පිලිපීනයේ ආරක්ෂක ලේකම් ගිබේට්‍රෝ ටියොඩෝරෝ, ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් ඉදිරියේ මලකන් මාලිගයේ පැවති උත්සවයක දී ගිවිසුමට අත්සන් තැබූ බව පිලිපීන පුවත් ඒජන්සිය වාර්තා කළා.

නව ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමට පෙර ජනාධිපති මාර්කෝස්, කමිකාවා සහ ජපාන ආරක්ෂක අමාත්‍ය කිහාරා මිනෝරු හමුවුණා.

මාකෝස් මෙය “ඉතා වැදගත් ගිවිසුමක්” ලෙස හැඳින්වූ අතර කමිකාවා පැවසුවේ ගිවිසුම අත්සන් කිරීම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම සඳහා “විශිෂ්ට ජයග්‍රහණයක්” බවයි.

පිලිපීනයේ සහ ජපානයේ අදාළ ව්‍යවස්ථාදායක ආයතන විසින් අනුමත කිරීමෙන් පසු බලාත්මක වන මෙම ගිවිසුම, ජපාන ස්වයං ආරක්ෂක හමුදා සහ පිලිපීන හමුදාව අතර ඒකාබද්ධ අභ්‍යාස සහ ආපදා සහන මෙහෙයුම් සිදු කිරීම සඳහා පහසුකම් සැලසෙනවා.

ගිවිසුම බලාත්මක වූ පසු, ජපාන ස්වයං ආරක්ෂක හමුදා විසින් මීට පෙර නිරීක්ෂක ධාරිතාවකින් සම්බන්ධ වූ පිලිපීනය සහ එක්සත් ජනපදය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහා පරිමාණ බාලිකාටන් හමුදා අභ්‍යාසයට පූර්ණ සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට ජපානයට හැකි වනු ඇති.

පිලිපීනය එක්සත් ජනපදය හා ඔස්ට්‍රෙලියාව සමග මේ හා සමාන ආරක්ෂක ගිවිසුම් අත්සන් කර ඇති අතර ප්‍රංශය සමග තවත් ආරක්ෂක ගිවිසුමක් සඳහා සාකච්ඡා කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. J.C අලවතුවල සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:33:51
Video thumbnail
මිනිස්සු මාව එපා කියන්නේ නෑ - ෆේස්බුක් බැලුවම ඒක පේනවනේ
04:49
Video thumbnail
සජිත් ජනාධිපති වුණාම බාර් ලයිසන් දෙන්නම් - මෙන්න හෙළිදරව්ව
06:06
Video thumbnail
ඉස්සර කියපු බොරු කතා සහ මල්පාරේ හොරෙන් ගහන ගේම් එළියට
09:02
Video thumbnail
සජිත් කියන්නේ තාත්තා වගේම මිනිහෙක් - සජබේ මන්ත්‍රී කියන කතාව
04:07
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20
Video thumbnail
ශිෂ්‍යත්ව පේපරේ එළියට පැන්නුවේ මාලිමාවේ ගුරුවරයෙක් ?
01:55

?