ජපන් අහසට චීන යානයක් අනවසරයෙන් ඇතුළු වෙයි

ජපන් අහසට චීන යානයක් අනවසරයෙන් ඇතුළු වෙයි

චීන හමුදා ගුවන් යානයක් තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව ජපාණය පවසනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ චීන ගුවන් යානයක් එලෙස ගුවන් සිමාවට ඇතුලු වූයේ පළමුවරට බවයි.

ජපානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සඳුදා පෙරවරු 11.29 ට Y-9 නිරීක්ෂණ ගුවන් යානයක් නැගෙනහිර චීන මුහුදේ “නාගසාකි ප්‍රාන්තයේ ඩැන්ජෝ දූපත්වලට ඔබ්බෙන් වූ භෞමික ගුවන් සීමාව උල්ලංඝනය කළ” අතර එය මිනිත්තු දෙකක් තම ගුවන් කලාපයේ රැඳී සිටි බවයි.

ඒ අනුව “හදිසි පදනමක් මත ප්‍රහාරක ජෙට් යානා” යෙදවීමට ජපානය පොළඹවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා

නවතම වර්ධනය දෙරට අතර ආතතීන් ඇති කළ හැකි බව රාජ්‍ය මාධ්‍ය පවසනවා.

යානය ජපානයේ ගුවන් සීමාවට ඇතුළු වීමට පෙර සහ පසුව කිහිප වතාවක් දූපත්වලට ගිනිකොන දෙසින් සමුද්‍රයට ඉහළින් වෘත්තාකාර ගමන් පථ කිහිපයක පියාසර කර අවසානයේ චීනය දෙසට ප.ව 1:15 ට පමණ ගමන් කර තිබෙනවා.

ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ (ASDF) ප්‍රහාරක යානා ආයුධ හෝ සංඥා ගිනිදැල් භාවිතා නොකළ බවයි.

ජපානයේ උප විදේශ අමාත්‍ය මසටකා ඔකානෝ, චීනයේ වැඩබලන තානාපතිවරයා කැඳවා “අතිශයින්ම බරපතල විරෝධතාවක්” ඉදිරිපත් කළ අතර නැවත සිදුවීම වැළැක්වීමට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි බව ජපාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

චීන හමුදා ගුවන් යානයක් තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව ජපාණය පවසනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ චීන ගුවන් යානයක් එලෙස ගුවන් සිමාවට ඇතුලු වූයේ පළමුවරට බවයි.

ජපානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සඳුදා පෙරවරු 11.29 ට Y-9 නිරීක්ෂණ ගුවන් යානයක් නැගෙනහිර චීන මුහුදේ “නාගසාකි ප්‍රාන්තයේ ඩැන්ජෝ දූපත්වලට ඔබ්බෙන් වූ භෞමික ගුවන් සීමාව උල්ලංඝනය කළ” අතර එය මිනිත්තු දෙකක් තම ගුවන් කලාපයේ රැඳී සිටි බවයි.

ඒ අනුව “හදිසි පදනමක් මත ප්‍රහාරක ජෙට් යානා” යෙදවීමට ජපානය පොළඹවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා

නවතම වර්ධනය දෙරට අතර ආතතීන් ඇති කළ හැකි බව රාජ්‍ය මාධ්‍ය පවසනවා.

යානය ජපානයේ ගුවන් සීමාවට ඇතුළු වීමට පෙර සහ පසුව කිහිප වතාවක් දූපත්වලට ගිනිකොන දෙසින් සමුද්‍රයට ඉහළින් වෘත්තාකාර ගමන් පථ කිහිපයක පියාසර කර අවසානයේ චීනය දෙසට ප.ව 1:15 ට පමණ ගමන් කර තිබෙනවා.

ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ (ASDF) ප්‍රහාරක යානා ආයුධ හෝ සංඥා ගිනිදැල් භාවිතා නොකළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | “ගමන හිතකර ද ? - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ආණ්ඩුවක් ලබාගත්තාම කරන වැඩේ දිලිත් කියයි
02:14
Video thumbnail
මුන් පුන්නක්කු ගොඩ කරගෙන මෙතනට ආවා
02:18
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31


?