ජන ජීවිතය යළි නංවන්න ප්‍රංශයෙන් ශ්‍රී ලංකාවට උපකාර

ප්‍රංශ රජය විසින් පරිත්‍යාග කළ මෙට්‍රික් ටොන් 14 ක් බරැති ආපදා ආධාර තොගයක් ඊයේ (17) දින රාත්‍රී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.

මෙම ආධාර තොගයට බ්ලැන්කට් බුමුතුරුණු , කූඩාරම් , සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුළුතැන්ගෙයි උපකරණ සහ ඇදන් තොගයක් ද ඇතුළත් වනවා.

මේවා තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ ටී.කේ.- 6136 දරන ගුවන් යානයෙන් ඊයේ දින රාත්‍රී 08.10 ට කටුනායක ගුවන් තිබෙනවා.

මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් ( Remi Lambert ), යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ ( Carmen Moreno ) ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?