AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති වැටුප මෙන් 40 ගුණයක් පඩි ගත් ලොක්කා ගැන අමුතු තීන්දුවක්

මෙරට ජනාධිපතිවරයා හට ලැබෙන වැටුප මෙන් හතලිස් (40) ගුණයක් වැඩි වැටුප් ලැබූ සභාපතිවරයෙකු එම තනතුරින් ඉවත් කර තිබෙනවා.

රජයට අනුබද්ධ ආයතනයක වැඩිම වැටුප් හා දීමනාලාභී සේවකයා ලෙසට යි ඔහු සිට ඇත්තේ.

රජයට අනුබද්ධ ප්‍රධානම රාජ්‍ය වාණිජ ආයතනයක, අනුබද්ධ සමාගම් දෙකකින් ඔහු මෙම වැටුප් සහ දීමනා ලබා ඇති බව සඳහන්.

මසකට ඔහු වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ලබා තිබෙනවා. 

රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා ද ලබන්නේ  රුපියල් 97,500ක මාසික වැටුපක්.

මේ අතර අදාළ පුද්ගලයාගේ සභාපති තනතුර ඉවත් කළ නමුත් පසුව ඔහු වෙනත් රාජ්‍ය ආයතනයක සභාපති ලෙස පත් කොට ඇති බව වාර්තා වෙනවා.

ඔහු පත් කොට ඇති ආයතනයේ විෂය භාර අමාත්‍යවරයාගේ ද දැඩි විරෝධය මධ්‍යයේ මෙම නව පත් කිරීම සිදු කර ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයාගේ නව වැටුප රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වන බව ද පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?