ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අද (19) පෙරවරුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ ස්වර්ණභූමි ජාතික ව්‍යාපාරයේ සභාපති අසංකරුවන් පොතුපිටිය මහතා විසින්.

වාහන ටෙන්ඩර් ක්‍රමයකට ලබා දී ඇති අතර තක්සේරු වටිනාකම ඉතාමත් පහළ අගයක ඇති බවයි හෙතෙම චෝදනා කරන්නේ.

මෙසේ ටෙන්ඩර්වල සක්සේරු වටිනාකම අඩුවෙන් යෙදීම හේතුවෙන් වාහන ලබා දී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බව ද අසංක පොතුපිටිය මහතා සඳහන් කරනවා.

මේ පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවත්, නැවත පැවැත්වීමට නියමිත වාහන වෙන්දේසි නැවැත්වීමට ක්‍රියා කරන ලෙසත් ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරය පැමිණිල්ල මගින් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?