ජනාධිපති ලේකම්වරයාගෙන් විශේෂ නිවේදනයක්

2022/2023 වසර සඳහා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අගෝස්තු 25 වනදා වන අතර වැඩි විස්තර www.presidentsoffice.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම අයදුම්පත් කැඳවීම සිදුකරන අතර 2021 නොවැම්බර් මස 24 දිනැති 2255/24 අංක දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මාර්ගෝපදේශ අනුව පහත සඳහන් සුදුසුකම් සහිත ශ්‍රී ලංකා පුරවැසියන්ට ඒ සඳහා අයදුම් කළ හැකියි.

  1. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු වීම
  2. නීති ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් සහ ඉහළ වෘත්තීය විශිෂ්ටත්වයක් පෙන්නුම් කළ අයෙකු වීම
  3. ශ්‍රී ලංකාව තුළ නීතියේ උන්නතිය සහ නීති විෂයෙහි විශේෂඥයෙකු ලෙස සුවිශේෂී සහ විශිෂ්ට දායකත්වයක් ලබා දීම
  4. ශ්‍රී ලංකාව තුළදී හෝ විදේශයකදී නීතිය පිළිබඳ විශේෂ හැකියාවක් පිළිඹිඹු කිරීම
  5. යහපත් චරිතයකින් සහ කීර්තිනාමයකින් යුක්ත වීම සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකළ අයෙකු වීම
  6. නීතියේ ආධිපත්‍යයට හෝ අධිකරණයේ ස්වාධීනත්වයට හානි පමුණුවන හෝ බිඳ හෙළන කිසිදු ක්‍රියාවක නිරත වී නොතිබීම
  7. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විනය නියෝගයකට ලක්කර නොමැති, අධිකරණයක් විසින් වෘත්තීමය විෂමාචාරයක් හෝ අකටයුත්තක් සඳහා වරදකරු කර නොමැති අයෙකු වීම
  8. අවම වශයෙන් අවුරුදු පහක කාලයක් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් බදු ගෙවන්නෙකු වශයෙන් ලියාපදංචි වී ඇති පුද්ගලයෙකු වීම

නීතිය සහ නීති පද්ධති පිළිබඳ ග්‍රන්ථ, ලේඛන ප්‍රසිද්ධ කර තිබීම, ජාතික හෝ ජාත්‍යන්තර සමුළු සඳහා පත්‍රිකා ඉදිරිපත් කර තිබීම, ජාතික හෝ ජාත්‍යන්තරව පිළිගත් ආයතන මගින් නීතිය පිළිබඳ වැඩිදුර හදාරා තිබීම, පිළිගත් උසස් අධ්‍යාපන ආයතන තුළ නීති විෂය උගන්වා තිබීම ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමේ දී අමතර සුදුසුකමක් ලෙස සලකනු ඇති.

අයදුම්කරු අවම වශයෙන් වසර 20ක කාලයක් තුළ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කර තිබිය යුතුයි. (විශේෂිත අවස්ථාවන්හි දී අනෙකුත් සියලුම නිර්ණායකයන් සපුරා ඇති, වසර පහළොවක (15) සේවා කාලයක් සහිත ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයන් ද ජනාධිපති නීතිඥවරයන් ලෙස පත් කිරීමට සලකා බලනු ලැබේ)

අයදුම්කරු නොතාරිස්වරයෙකු ලෙස සේවයේ යෙදී සිටීම නුසුදුසුකමක් ලෙස සලකනු ලබන අතර අයදුම්කරු විසින් සෘජුව හෝ වක්‍රව තුන්වන පාර්ශ්වයක් මගින් අදාළ අයදුම්පත සම්බන්ධව හෝ ජනාධිපති නීතඥවරයෙකු වශයෙන් පත් කිරීම සම්බන්ධව කිසිදු බලපෑමක් කිරීම නුසුදුසුකමක් ලෙස සලකනු ඇති.

සම්පූර්ණ කළ ලිඛිත අයදුම්පත් අදාළ ලියකියවිලිවල සහතික කළ පිටපත් ද සමඟ, 2023 අගෝස්තු මස 25 වන දින හෝ ඊට පෙර “ජනාධිපති ලේකම්, ජනාධිපති කාර්යාලය, කොළඹ 01” යන ලිපිනයට ලැබෙන පරිදි ලියාපදංචි තැපෑලෙන් එවිය යුතුයි. අයදුම්පත බහා ඇති කවරයේ වම් පස ඉහළ කෙළවරෙහි “ජනාධිපති නීතිඥවරයන් පත් කිරීම – 2022 /2023 යන්න පැහැදිලි ලෙස ලිවිය යුතු බව වැඩිදුරටත් දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44