Empty Ad
AFC Banner
Empty Ad

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට අගමැති වීමට අවශ්‍යව තිබූ බව ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අරගල සමයේ රටේ අගමැති ධුරය භරගැනීමට සූදානමින් සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පසුගිය වසරේ මැයි 9 වැනිදා සිදු වූ අරගලය සහ ඊට සම්බන්ධ සිද්ධීන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට විශේෂ කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙකුට එම ධුරයෙන් ඉවත් වී ස්වාධීන අගමැතිවරයෙක් ලෙසට පත් කිරීමට ද එහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

නීතිඥ සංගමය අරගලය පැවති දිනවල එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී ඔහු සමග සාකච්ඡා කරනු ලැබුවේ දේශපාලනයෙන් තොර අයෙක් අගමැතිවරයා ලෙසට පත් කිරීම බව රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියා.

ඔවුන් බලාපොරොත්තු වූයේ සාලිය පීරිස් මහතා අගමැති ධුරයට පත්වනු ඇති බවට වන අතර එය රහසක් නොවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර බිඳ වැටුණු රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අමාත්‍ය බන්දුල ගුණවර්ධනට අභියෝග කිරීමත් සමඟ අදත් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50

?