ජනාධිපති කාර්යාල පරිශ්‍රය ආශ්‍රිත වෙසක් සැමරුම් ඇරඹේ (ඡායාරූප)

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන “වෙසක් බැති ගී සරණිය” ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී ඊයේ (12) සවස 6.30ට ආරම්භ වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භක්ති ගීත කණ්ඩායම් සහ දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම භක්ති ගීත වැඩසටහන ඉදිරි මැයි 13, 14 සහ 15 යන දිනයන්හිද ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙන බවයි.

ඊයේ පැවති සමාරම්භක අවස්ථාවට අමාත්‍ය කුමාර ජයකොඩි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග වීරරත්න, හර්ෂණ සුරියප්පෙරුම යන මහත්වරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරු එක්ව සිටියා.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය සහ යුද හමුදාව එක්ව සංවිධානය කළ බත් දන්සල ද ඊයේ ජනාධිපති කාර්යාලය අසල දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරුණා.

දිවයිනේ නන් දෙසින් පැමිණි අතිවිශාල ජනතාවක් ඊට එක්ව සිටි අතර බත් දන්සල අද (13) දිනයේ ද පැවැත්වෙනවා.

එමෙන්ම වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් කෙටි ආහාර දන්සලක් ද ඊයේ ජනාධිපති කාර්යාලය අසලදී ආරම්භ කෙරුණු අතර එය මැයි 16 වන දා දක්වා පැවැත්වුණා.

එසේම ගංගාරාම “බුද්ධ රශ්මි” වෙසක් කලාපය සහ “බෞද්ධාලෝක” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව වෙසක් වැඩසටහන් රැසක් ඒ අවට සංවිධානය කර තිබු අතර ලේකම් කාර්යාලය හා අවට ගොඩනැඟිලි මෙන්ම මාර්ග විදුලි බුබුලුවලින් ආලෝකවත් කිරීම, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපති කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

IMG 20250513 WA0012
IMG 20250513 WA0013
IMG 20250513 WA0014
IMG 20250513 WA0015
IMG 20250513 WA0016
IMG 20250513 WA0017
IMG 20250513 WA0018
IMG 20250513 WA0019
IMG 20250513 WA0020
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29