spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති අරමුදල සඳහා මුදල් පරිත්‍යාගයක්

කිංකුසල ගවේශී සංගමයේ නිර්මතෘ සහ එහි සභාපති විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් සේනානායක, සිය ලේඛන කටයුතු වලින් සහ දේශන පවත්වා ලබන ආදායමෙන් රුපියල් මිලියන දෙකක් ජනාධිපති අරමුදලට පරිත්‍යාග කිරීම සඳහා අද (24) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත බාර දුන්නේය.

ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ උතුරු නැගෙනහිර පළාතේ පැවති යුද්ධයේදී පාද අහිමි වූ කාන්තාවන්ට කෘත්‍රිම පාද ලබාදීම සඳහා එම මුදල් වෙන් කරන බවයි.

ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් (මූල්‍ය) ඩ්බ්.ඒ සරත් කුමාර, කිංකුසල ගවේශී සංගමයේ ලේකම් ඒ.බී වික්‍රමසිංහ, කිංකුසල ගවේශී සංගමයේ හිටපු තරුණ කටයුතු ලේකම් නීතිඥ පියතිලක මුතුගම යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?