ජනාධිපති අනුර වියට්නාම ජනපති හමුවෙයි

වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය අද (05) උදෑසන හැනෝයි හි ජනාධිපති මන්දිරයේදී පවත්වා තිබෙනවා.

එම පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම ජනාධිපති ලුඕං කුඕං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මෙම සාකච්ඡා සඳහා දෙරටේම ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් ද එක්ව තිබෙනවා.

නව ජනාධිපතිවරයා සහ රජය රට මෙහෙයවීමට පටන් ගත් දා සිට ශ්‍රී ලංකාව ලබා ඇති වැදගත් සමාජ ආර්ථික ජයග්‍රහණ, විශේෂයෙන් අර්බුදයෙන් ගොඩ ඒම, ධනාත්මක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම පිළිබඳව වියට්නාම ජනාධිපතිවරයා මෙහිදී සිය සතුට පළකර තිබෙනවා.

එමෙන්ම අනාගතයේදී සංවර්ධන ඉලක්ක සාර්ථකව සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දුෂ්කරතා ජය ගනු ඇතැයි තමා විශ්වාසය පළකරන බවත් වියට්නාම ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇති බව සඳහන්.

ජාතික නිදහස සඳහා වූ අතීත අරගලයේදී වියට්නාමයට සහාය වීම සහ ජාතික ඉදිකිරීම් ක්‍රියාවලියේදී වියට්නාමය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ජනාධිපති කුඕං ශ්‍රී ලංකාවට ස්තූතිය පළකර සිටියා.

ශ්‍රී ලංකාවේ නායකයින් සහ ජනතාව සැමවිටම වියට්නාමය සහ ජනාධිපති හෝ චි මිං කෙරෙහි උණුසුම් හැඟීම් රඳවා තබා ගන්නා බවත්, යුද්ධවලදී මෙන්ම මව්බිම ගොඩනැගීමේදී වියට්නාමයේ නොසැලෙන ශක්තිය අගය කරන බවත්, වියට්නාමයේ සංවර්ධන අත්දැකීම් ඉගැනීමට කැමති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පවසා ඇත්තේ.

මෙහිදී දෙරටේ ප්‍රගති සමාලෝචනය, අනාගත සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කරන ලද අතර, අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තිබුවා.

මෙම සංචාරය මඟින් දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ දෙරට අතර විවිධ අංශ මඟින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරෙනවා.

1970 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් පසු වියට්නාමය සහ ශ්‍රී ලංකාව ශක්තිමත් හා අඛණ්ඩ සබඳතා පවත්වා ගෙන ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ වියට්නාම වාර්ෂික ද්විපාර්ශ්වික වෙළඳාම, ප්‍රධාන වශයෙන් අපනයන, ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා ළඟා වී තිබෙනවා.

ඉදිරි වසරවලදී ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වයම ඉලක්කයයි.

මේ වසරේ වියට්නාමය සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 55 වන වසර සමරන බැවින්, අන්‍යෝන්‍ය විශ්වාසය සහ බෙදාගත් සංවර්ධන ඉලක්ක උපයෝගී කරගනිමින් සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට දෙරට සූදානමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?