ජනාධිපති අනුර වියට්නාම ජනපති හමුවෙයි

වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය අද (05) උදෑසන හැනෝයි හි ජනාධිපති මන්දිරයේදී පවත්වා තිබෙනවා.

එම පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම ජනාධිපති ලුඕං කුඕං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මෙම සාකච්ඡා සඳහා දෙරටේම ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් ද එක්ව තිබෙනවා.

නව ජනාධිපතිවරයා සහ රජය රට මෙහෙයවීමට පටන් ගත් දා සිට ශ්‍රී ලංකාව ලබා ඇති වැදගත් සමාජ ආර්ථික ජයග්‍රහණ, විශේෂයෙන් අර්බුදයෙන් ගොඩ ඒම, ධනාත්මක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම පිළිබඳව වියට්නාම ජනාධිපතිවරයා මෙහිදී සිය සතුට පළකර තිබෙනවා.

එමෙන්ම අනාගතයේදී සංවර්ධන ඉලක්ක සාර්ථකව සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දුෂ්කරතා ජය ගනු ඇතැයි තමා විශ්වාසය පළකරන බවත් වියට්නාම ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇති බව සඳහන්.

ජාතික නිදහස සඳහා වූ අතීත අරගලයේදී වියට්නාමයට සහාය වීම සහ ජාතික ඉදිකිරීම් ක්‍රියාවලියේදී වියට්නාමය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ජනාධිපති කුඕං ශ්‍රී ලංකාවට ස්තූතිය පළකර සිටියා.

ශ්‍රී ලංකාවේ නායකයින් සහ ජනතාව සැමවිටම වියට්නාමය සහ ජනාධිපති හෝ චි මිං කෙරෙහි උණුසුම් හැඟීම් රඳවා තබා ගන්නා බවත්, යුද්ධවලදී මෙන්ම මව්බිම ගොඩනැගීමේදී වියට්නාමයේ නොසැලෙන ශක්තිය අගය කරන බවත්, වියට්නාමයේ සංවර්ධන අත්දැකීම් ඉගැනීමට කැමති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පවසා ඇත්තේ.

මෙහිදී දෙරටේ ප්‍රගති සමාලෝචනය, අනාගත සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කරන ලද අතර, අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තිබුවා.

මෙම සංචාරය මඟින් දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ දෙරට අතර විවිධ අංශ මඟින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරෙනවා.

1970 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් පසු වියට්නාමය සහ ශ්‍රී ලංකාව ශක්තිමත් හා අඛණ්ඩ සබඳතා පවත්වා ගෙන ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ වියට්නාම වාර්ෂික ද්විපාර්ශ්වික වෙළඳාම, ප්‍රධාන වශයෙන් අපනයන, ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා ළඟා වී තිබෙනවා.

ඉදිරි වසරවලදී ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වයම ඉලක්කයයි.

මේ වසරේ වියට්නාමය සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 55 වන වසර සමරන බැවින්, අන්‍යෝන්‍ය විශ්වාසය සහ බෙදාගත් සංවර්ධන ඉලක්ක උපයෝගී කරගනිමින් සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට දෙරට සූදානමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14