AFC Banner
AFC Banner
Empty Ad

ජනාධිපතිවරයා සහ IMF නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා අද (26) ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජර්මනියේ බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බවයි.

වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ බර්ලින් ගෝලීය සංවාදය ලබන 28 සහ 29 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණ සිටින නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් අතර විස්තීර්ණ ණය පහසුකම යටතේ වන සමාලෝචන සාකච්ඡා පසුගිය 14 වනදා ආරම්භ කෙරුණා.

ඒ, අනුව සති දෙකකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡා මාලාවේ අවසන් සාකච්ඡාව අද (26) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?