AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය ගැන දැනුම්දීමක්

ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ පොස්ට් හුවමාරු කිරීමේ දී සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙනවා.

ඒ, අනුව පුද්ගලයින්ට අපහාස වන ආකාරයේ පළකිරීම් සම්බන්ධයෙන් වඩාත්ම සැලකිලිමත් විය යුතු බවයි එම සංසදය පවසන්නේ.

ඇතැම් ව්‍යාජ ගිණුම් ඔස්සේ පළ කරන එවැනි පළකිරීම් තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ හුවමාරු කිරීම මඟින් මැතිවරණ නීතිය යටතේ ඔබව වරදකට හසුවිය හැකි බව ද එම සංසදය පෙන්වා දෙනවා.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?