ඡන්දය දාන්න පහසු ස්ථානයක් ඉල්ලා ගම්මුන් පෙළ ගැසෙයි – වාර්තා කළ මාධ්‍යවේදියා පොලිස් භාරයේ (ඡායාරූප)

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ මලිදුව කනිටු විදුහලට ගමන් ගන්නා මාර්ගය ඉතා දුෂ්කර බැවින් ගම්වැසියන් ගණනාවකට සිය ජන වරම භාවිතා කිරීමට නොහැකි වී තිබෙනවා.

එහිදී ගම්වැසියන්ගේ දැනුවත් කිරීම මත ජනාධිපතිවරණය දා (21) එහි ගොස් එම සිදුවීම වාර්තා කිරීමට ගිය වාර්තාකරුවෙකු පෞද්ගලික පළිගැනීමක් මත පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඡන්ද මධ්‍යස්ථානයේ ඡායාරූප සහ වීඩියෝ ලබා ගත්තා යැයි පවසමින් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරියගේ නියෝගයක් මත බංගම පොලිසිය විසින් මෙලෙස එම මාධ්‍යවේදියා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වර්තමානය වන විට මෙම ඡන්ද මධ්‍යස්ථානය පිහිටි පාසල වැසී යාමේ තර්ජනයට මුහුන දී ඇති පාසලක් බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

උස් කඳු මුදුනක පිහිටා ඇති මෙම පාසල දොළමාවත, පුවක්වත්ත ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 600ක් පමණ දුරින් පිහිටා ඇති බව සදහන්.

කෙසේවෙතත් ගම්වාසීන් පවසන්නේ පාසලට යනෙන මාර්ගය කොටසක් නාය යෑම නිසා දැඩි අවධානමක් දරා මෙම ජන්ද මධ්‍යස්ථානයට යෑමට සිදුවූ බවයි

එමෙන්ම නිලධාරීන්ගේ වරද හේතුවෙන් ගම්වාසීන් රැසකට තම ඡන්දය ලබාදීමේ අයිතිය අහිමි වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වු ගම්වාසීන් පවසා ඇත්තේ, එම ගැටළුව වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදියා පමණක් නොව එය ප්‍රවෘත්ති ඔස්සේ රටම දැක බලාගැනීමට සැලැස්වූ මාධ්‍යවේදීන්ද අත්අඩංගුවට ගතයුතු බවයි.

MALIDUWA SCHOOL TACK PHOTO 01 2
MALIDUWA SCHOOL TACK PHOTO 02 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?