ජනප්‍රිය නිළියකගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ඉන්දියාවට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීම සඳහා නන් අයුරින් දායක වූ සුභාෂ් චන්ද්‍ර බෝස්ට සහ භගට් සිංට මහත්මා ගාන්ධි සහාය පළ නොකළේ යැයි කන්ගනා රනවුට් ප්‍රකාශ කරයි. කන්ගනා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළ බොහෝදෙනකු සඳහන් කරන්නේ ඈ ගාන්ධිතුමන්ගේ අහිංසාවාදී පිළිවෙත සමච්චලයට ලක් කර ඇති බවකි.

සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහන් මාලාවක් තබමින් කන්ගනා රනවුට් මහත්මා ගාන්ධි අවස්ථා කිහිපයකදී විවේචනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වරක් ගාන්ධි ඉලක්ක කරගත් විවේචනයක් රංගන ශිල්පිනිය සටහන් කර තිබුණේ “ඔබේ වීරයා බුද්ධිමත්ව තෝරාගන්න” යනුවෙනි. ඉන්දීය නිදහස වෙනුවෙන් සටන් කළ පුද්ගලයන්ව ඔවුන්ගේ (ඉංග්‍රීසින්ට පක්ෂපාතී ඉන්දීය නායකයන්) ස්වාමීන්ට පාවා දුන්නේ යැයි කියාද කන්ගනා තවත් වරෙක සිය සමාජ ගිණුමෙහි සටහනක් තබා තිබිණ. පීඩාවට පත් කරන්නන් සමග සටන් කිරීමට ධෛර්යයක් නැතැයිද බලයට ඇති කෑදරකමත් කපටිකමත් ඉන් පිළිබිඹු වන්නේ යැයිද ඈ තවදුරටත් එහි සඳහන් කර තිබුණාය. එම පණිවුඩයෙන් ඈ පහර ගසා තිබුණේද මහත්මා ගාන්ධිටය.

කන්ගනා රනවුට් ඉන්දියාවේ නිදහස සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් පළ කිරීමක් සිදු කරමින් පසුගියදා කියා සිටියේ ඉන්දියාවට නියම නිදහස ලැබුණේ 2014 වසරේදී බවයි. ඈ එමගින් සමාජයට ඒත්තු ගන්වන්නට උත්සාහ ගෙන තිබුණේ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා බලයට පැමිණීමෙන් පසුව ඉන්දියාවට නියම නිදහස ලැබුණු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08