AFC Banner
Empty Ad
Empty Ad

ලාංකික යූටියුබ් තරුවකට එරෙහිව CID අධිකරණයට නඩුවක් ගොනු කරයි

මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන විසින් මීඩියා එල්.කේ (media lk) නමැති යු ටියුබ් නාලිකාව මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණවලට බාධා වන ආකාරයේ වීඩියෝ දර්ශන ඉදිරිපත් කරන බවට එම දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් අසත්‍ය කරුණු ඇතුළත් මෙම වීඩියෝ සමාජයට මුදාහැරීමෙන් ලාංකිකයන්ට මෙන්ම විදේශගතව සිටින ශ්‍රී ලාංකික ජනතාව ද නොමග යවන කරුණු ජනගත කිරීමක් සිදු කරන බවට කරුණු දැක්වූ බවයි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔක්තොම්බර් 03 වැනිදා මීඩියා එල්.කේ නැමති යු ටියුබ් නාලිකාව මගින් ඉදිරිපත් කළ ”හැමෝම හොයන රවීට එරෙහි චෝදනා” යන වීඩියෝව උපුටා දක්වමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අධිකරණය විසින් මාධ්‍යවේදි තරිදු ජයවර්ධනගේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනය කර එහි ප්‍රගතිය ජනවාරි 15 වනදාට පෙර වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?