ලාංකික යූටියුබ් තරුවකට එරෙහිව CID අධිකරණයට නඩුවක් ගොනු කරයි

මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන විසින් මීඩියා එල්.කේ (media lk) නමැති යු ටියුබ් නාලිකාව මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණවලට බාධා වන ආකාරයේ වීඩියෝ දර්ශන ඉදිරිපත් කරන බවට එම දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් අසත්‍ය කරුණු ඇතුළත් මෙම වීඩියෝ සමාජයට මුදාහැරීමෙන් ලාංකිකයන්ට මෙන්ම විදේශගතව සිටින ශ්‍රී ලාංකික ජනතාව ද නොමග යවන කරුණු ජනගත කිරීමක් සිදු කරන බවට කරුණු දැක්වූ බවයි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔක්තොම්බර් 03 වැනිදා මීඩියා එල්.කේ නැමති යු ටියුබ් නාලිකාව මගින් ඉදිරිපත් කළ ”හැමෝම හොයන රවීට එරෙහි චෝදනා” යන වීඩියෝව උපුටා දක්වමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අධිකරණය විසින් මාධ්‍යවේදි තරිදු ජයවර්ධනගේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනය කර එහි ප්‍රගතිය ජනවාරි 15 වනදාට පෙර වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47