ජනපති සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසර ණය ප්‍රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා අතර හමුවක් ඊයේ (22) පැරිස් නුවරදී පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ දී ලබා ඇති වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කර තිබෙනවා.

තිරසර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ දී සහ රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ශක්තිමත් මූල්‍ය රාමුවක් සම්පාදනය කිරීමට රජයේ කැපවීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී කරුණු අවධාරණය කරනු ලැබුවා.

තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතරම දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් අවම කිරීම අරමුණු කරගත් විස්තීරණ උපාය මාර්ග ගෙනහැර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” පිළිබඳව ද මහලේකම්වරයා දැනුවත් කර තිබෙනවා.

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දේශගුණික විපර්යාවලට මුහුණදීම වැනි කටයුතුවලදී ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සහයෝගීතාවයේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණා.

මේ අතර නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේ දෙවන දින රාජ්‍ය නායක සැසිය සඳහා ද අද (23) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නායක සැසිය දෙවන දිනටත් අද ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම චීන අග්‍රාමාත්‍ය ලී කව්‍යං (Li Qiang) , බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inácio Lula da Silva), යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලේයන් (Ursula von der Leyen), එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් (Antonio Guterres), ලෝක බැංකු ප්‍රධානී අජේ බංගා (Ajay Banga), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (kristlina Georgieva) යන මහත්ම මහත්මීන් සහ රටවල් රැසක නායකයන්, විදේශ අමාත්‍යවරු ඇතුළු නියෝජිතයන්, මූල්‍ය ප්‍රධානීන්, දේශගුණික කටයුතු පිළිබඳ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සැසියට එක්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13