AFC Banner
AFC Banner
Empty Ad

ජනපති සටනේ ශ්‍රීලනිපයේ සහාය කාටද ? – විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පස්වරුවේ

අනුප්‍රාප්තික ජනධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා හෙට (20) පැවත්වෙන ඡන්ද විමසීමේ දී ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (19) පස්වරුවේ කැඳවා තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන්ම ඡන්දය භාවිත කරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනවා.

අද (19) පැවැත්වෙන විශේෂ මධ්‍යම කාරක සභාවේ දී සහාය පළකරන පාර්ශවය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසු ගියදා ප්‍රකාශ කළේ තම පක්ෂය කිසිඳු ජනාධිපති ධුර අපේක්ෂකයෙකුට ඡන්දය ලබානොදීමට තීරණය කළ බවයි.

මේ අතර ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී කුමන අපේක්ෂකයාට සහය ලබා දෙන්නේ ද යන්න පිළිබඳව අද (19) පස්වරුවේ ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ අනෙකුත් පක්ෂවල නියෝජිතයන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?