ජනපති සටනේ ශ්‍රීලනිපයේ සහාය කාටද ? – විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පස්වරුවේ

අනුප්‍රාප්තික ජනධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා හෙට (20) පැවත්වෙන ඡන්ද විමසීමේ දී ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (19) පස්වරුවේ කැඳවා තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන්ම ඡන්දය භාවිත කරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනවා.

අද (19) පැවැත්වෙන විශේෂ මධ්‍යම කාරක සභාවේ දී සහාය පළකරන පාර්ශවය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසු ගියදා ප්‍රකාශ කළේ තම පක්ෂය කිසිඳු ජනාධිපති ධුර අපේක්ෂකයෙකුට ඡන්දය ලබානොදීමට තීරණය කළ බවයි.

මේ අතර ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී කුමන අපේක්ෂකයාට සහය ලබා දෙන්නේ ද යන්න පිළිබඳව අද (19) පස්වරුවේ ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ අනෙකුත් පක්ෂවල නියෝජිතයන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47