ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව යොදා ගනිමින් ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට මුදා හැරි සැකකරු රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මෙම සැකකරුව ඊයේ (04) පස්වරුවේ පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අතුරුගිරියේ දී අත්අඩංගුවට ගැනුණු බවයි.
ඒ අනුව මෙම සැකකරු අද (05) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී කැස්බෑව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුව නොවැම්බර් 11 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර තිබෙනවා.
මෙම සැකකරු 38 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
1
+1
+1
+1