AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රනිල් සහ සාගල, මහින්ද හමුවෙන්න ඇවිත් – උදයංග වීරතුංග (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඊයේ (28) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට පැමිණි බව මෙරට හිටපු තානාපතිවරයෙක් වන උදයංග වීරතුංග පවසනවා.

අද (29) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් උදයංග වීරතුංග මේ බව සඳහන් කළා.

එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබාගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුවීමට පැමිණි බවයි ඔහු වැඩිදුටත් පැවසුවේ.

මේ අතර යහපාලනයේ මහ මොළකරුවන ජනාධිපති රනිල් වික්‍රමසිංහව යළි ඉදිරියට රැගෙන නොඑන බවට රාජපක්ෂ පවුල තීරණය කර අවසන් බවයි උදයංග වීරතුංග හිටපු තානාපතිවරයා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියේ.

එළඹෙන ජනධිපතිවරණයේ පොහොටුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නොවන බව අද (29) පැවැත්වෙන දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත්කරනු ඇති බවයි ඔහු වැඩිදුරත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
6
+1
1
+1
1
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?