AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රනිල් උතුරේ සංවර්ධනය තහවුරු කරනු ඇති බව මාවෙයි කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර, දෙමළ ජනතාවගේ ගැටලු විසඳා උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා පවසනවා.

ඊයේ (07) පස්වරුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකයා මේ බව සඳහන් කළා.

එළඹෙන ජනාධිපතිවරණයේ දී මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වන ජනාධිපති රනිල් වික්‍රමසිංහට දීර්ඝ කාලයක් පුරා විසඳුම් නොලැබුණු උතුරේ දෙමළ ජනතාවගේ ගැටලුව විසඳීමට මහඟු වගකීමක් පැවරි ඇති බව ද ඔහු එහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම යුද්ධයෙන් විනාශයට පත් දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශ යළි සංවර්ධනය කරමින් එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව මාවෙයි සේනාධිරාජා සඳහන් කළේ.

යාපනයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා”ජන රැළි දෙකකට සහභාගී වූ ජනාධිපතිවරයා කන්කසන්තුරේ පිහිටි මාවෙයි සේනාධිරාජාගේ නිවසට පැමිණ ඔහු සමඟ සාකච්ඡාවකට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
7
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?