ජනපති මල්ලිට තරවටු කරන්නැයි ඇමති අයිගෙන් මන්ත්‍රී නලින් ඉල්ලයි

කාබනික ගොවිතැන හරියන්න හෝ වරදින්න සිදු කර බැලිය යුතු බවත් ඒ අනුව සියලුදෙනා  එකතුවී ගොවිතැන් කටයුතු කරන ලෙස ගොවිජනතාවගෙන් ඉල්ලා සිටින බවත් වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (09දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

කාබනික ගොවිතැන හේතුවෙන් විශාල ගොවීන් පිරිසක් මහකන්නය වගා නොකරන තත්ත්වට පත්ව තිබෙන බවත්  ජනාධිපතිවරයාගේ වැඩිමල් සහෝදරයා ලෙස බාල සහෝදරයාට තරවටු කරමින් ගොවීන්ට පොහොර ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන ලෙසත් නලීන් බණ්ඩාර මහතා එහිදී අදස් පළ කරමින් පැවසීය.

එම උපදේශය ඉතා ඉහලින් පිළිගන්නා බවත් ආණ්ඩුව ගන්නා මේ ක්‍රියාමාර්ගය සත්භාවයෙන් කරන කටයුත්තක් බැවින් සියලු දෙනාගේ සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර – මේ වන විට මහාවාරි ව්‍යාපෘති ගණනාවක ජලය මුදා හැරලා තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිංස් නෙල්සන් මන්ත්‍රීවරයාත් සමග සමගි ගොවි බලවේගය පිහිටුවීමට කටයුතු වලට ගියාම අපි දැක්කා මාදුරු ඔය ව්‍යාපාරය, කවුඩුල්ල, මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය, ඇලහැර මේ සෑම එකකම ජලය මුදා හැරීම කරලා තිබෙනවා. මේ 95%ම වාගාවන් ආරම්භ කරලා නෑ. මේ තත්ත්වය ඔබතුමා දකින්නේ කොහොමද? ඒකට දෙන විසඳුම මොකක්ද?

වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ – ඉතාමත්ම උවමනාවෙන් ඉල්ලා සිටිනවා සියලුම ගොවිමහත්වරුන් එකතුවෙලා රටේ අවශ්‍යතාවය අනුව කටයුතු කරයි. මේක බලන්නත් එපැයි හරියයිද වරදියිද කියලා. ඒ නිසා සියලු දෙනාම එකතුවෙලා ගොවිතැන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර – මහ කන්නය අති බහුතරයක් වගා නොකරන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒකට හේතුව ඔබතුමා වතුර දුන්නට වැඩක් නෑ කෘෂිකර්ම ඇමතිතුමා, පොහොර ඇමතිතුමා, මේ ආණ්ඩුව පොහොර ටික දෙන්නේ නැතිනම්. පොහොර නොදීම හරහා ඔබතුමා දන්නවා මේක 100%ක් කරන්න බෑ කියලා.

රජයක් ලෙස ඔබතුමන්ලා මේ කාරණයට, මහ කන්නයට මැදිහත්වුනේ නැතිනම් ප්‍රශ්නයක්. වතුර ආවට වැඩක් නෑ අවශ්‍ය වෙලාවට මේ කන්නය පටන් ගත්තේ නැතිනම්. මේ කන්නයේදී අපි 50%ක් හෝ වගා කළේ නැතිනම් 2022දී අපිට බරපතල ආහාර හිඟයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඔබතුමාවත් මේ කාරණය ජනාධිපතිතුමාට අයියා විදියට ඍජුව මැදිහත්වෙලා තරවටු කරලා, තමන්ගේ අයියා මල්ලිට දෙන දඬුවමක් විදියට වහාම පොහොර ටික දෙන්න කටයුතු කරන්න. ඔබතුමා මැදිහත් වුනොත් මිසක් මේක වෙන කෙනෙකුට කරන්න බෑ.

වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ – ඔබතුමාගේ උපදේශය ඉතා ඉහලින් පිළිගන්නම්. මේක සත්භාවයෙන් කරන කටයුත්තක් සඳහා සියලු දෙනාගේ සහය දක්වන ලෙස ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16