ජනපති මල්ලිට තරවටු කරන්නැයි ඇමති අයිගෙන් මන්ත්‍රී නලින් ඉල්ලයි

කාබනික ගොවිතැන හරියන්න හෝ වරදින්න සිදු කර බැලිය යුතු බවත් ඒ අනුව සියලුදෙනා  එකතුවී ගොවිතැන් කටයුතු කරන ලෙස ගොවිජනතාවගෙන් ඉල්ලා සිටින බවත් වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (09දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

කාබනික ගොවිතැන හේතුවෙන් විශාල ගොවීන් පිරිසක් මහකන්නය වගා නොකරන තත්ත්වට පත්ව තිබෙන බවත්  ජනාධිපතිවරයාගේ වැඩිමල් සහෝදරයා ලෙස බාල සහෝදරයාට තරවටු කරමින් ගොවීන්ට පොහොර ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන ලෙසත් නලීන් බණ්ඩාර මහතා එහිදී අදස් පළ කරමින් පැවසීය.

එම උපදේශය ඉතා ඉහලින් පිළිගන්නා බවත් ආණ්ඩුව ගන්නා මේ ක්‍රියාමාර්ගය සත්භාවයෙන් කරන කටයුත්තක් බැවින් සියලු දෙනාගේ සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර – මේ වන විට මහාවාරි ව්‍යාපෘති ගණනාවක ජලය මුදා හැරලා තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිංස් නෙල්සන් මන්ත්‍රීවරයාත් සමග සමගි ගොවි බලවේගය පිහිටුවීමට කටයුතු වලට ගියාම අපි දැක්කා මාදුරු ඔය ව්‍යාපාරය, කවුඩුල්ල, මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය, ඇලහැර මේ සෑම එකකම ජලය මුදා හැරීම කරලා තිබෙනවා. මේ 95%ම වාගාවන් ආරම්භ කරලා නෑ. මේ තත්ත්වය ඔබතුමා දකින්නේ කොහොමද? ඒකට දෙන විසඳුම මොකක්ද?

වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ – ඉතාමත්ම උවමනාවෙන් ඉල්ලා සිටිනවා සියලුම ගොවිමහත්වරුන් එකතුවෙලා රටේ අවශ්‍යතාවය අනුව කටයුතු කරයි. මේක බලන්නත් එපැයි හරියයිද වරදියිද කියලා. ඒ නිසා සියලු දෙනාම එකතුවෙලා ගොවිතැන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර – මහ කන්නය අති බහුතරයක් වගා නොකරන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒකට හේතුව ඔබතුමා වතුර දුන්නට වැඩක් නෑ කෘෂිකර්ම ඇමතිතුමා, පොහොර ඇමතිතුමා, මේ ආණ්ඩුව පොහොර ටික දෙන්නේ නැතිනම්. පොහොර නොදීම හරහා ඔබතුමා දන්නවා මේක 100%ක් කරන්න බෑ කියලා.

රජයක් ලෙස ඔබතුමන්ලා මේ කාරණයට, මහ කන්නයට මැදිහත්වුනේ නැතිනම් ප්‍රශ්නයක්. වතුර ආවට වැඩක් නෑ අවශ්‍ය වෙලාවට මේ කන්නය පටන් ගත්තේ නැතිනම්. මේ කන්නයේදී අපි 50%ක් හෝ වගා කළේ නැතිනම් 2022දී අපිට බරපතල ආහාර හිඟයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඔබතුමාවත් මේ කාරණය ජනාධිපතිතුමාට අයියා විදියට ඍජුව මැදිහත්වෙලා තරවටු කරලා, තමන්ගේ අයියා මල්ලිට දෙන දඬුවමක් විදියට වහාම පොහොර ටික දෙන්න කටයුතු කරන්න. ඔබතුමා මැදිහත් වුනොත් මිසක් මේක වෙන කෙනෙකුට කරන්න බෑ.

වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ – ඔබතුමාගේ උපදේශය ඉතා ඉහලින් පිළිගන්නම්. මේක සත්භාවයෙන් කරන කටයුත්තක් සඳහා සියලු දෙනාගේ සහය දක්වන ලෙස ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?