ජනපති කොත්මලේ මහවැලි මහසෑය චෛත්‍යාරාමය වැඳ පුදාගනී (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (30) පස්වරුවේ කොත්මලේ මහවැලි මහසෑය පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.

එහිදී කොත්මලේ මහවැලි මහසෑය භාරකාර විහාරාධිපති පූජ්‍ය තිස්පනේ ජිනානන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා.

පුදිබිමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සංවර්ධන කටයුතු සොයා බැලූ ජනාධිපතිවරයා අනතුරුව පූජ්‍ය තිස්පනේ ජිනානන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක කෙටි පිළිසඳරක ද නිරත වුණා.

හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?