ජනපති ඉන්දියාවට ළඟා වෙයි

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 5ට පමණ එරටට ළඟාවී තිබෙනවා.

ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් විසින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද පස්වරුවේ 1.45ට පමණ ඉන්දියාව බලා පිටත්ව ගියා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සමරන අවස්ථාවේදී මෙම සංචාරය සිදුවන බවයි.

සිය සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය හමුවීමට ද නියමිතව තිබෙනවා.

එමෙන්ම හෙට පෙරවරුවේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත අතර අනතුරුව අනෙකුත් ඉන්දීය ප්‍රභූවරුන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රාශියක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම සංචාරය දෙරට අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙනයාම සහ තහවුරු කරනු ඇතැයි විදේශ අමාත්‍යංශය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21