ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) පස්වරුවේ ජර්මනියේ ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවුණා.
ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් බර්ලින් හිදී සංවිධානය කර තිබූ මෙම හමුවට ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයන් සහ වෘත්තිකයන් රැසක් එක්ව සිටියා.
මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක උණුසුම් අයුරින් පිළිගත් අතර, රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපති අනුර දිසානායක කියා සිටියේ සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බවයි.
එහිදී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය ඇගයූ ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ බිඳ වැටී ඇති රාජ්‍ය යළි ගොඩනැගීම සදහා මේ වන විට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බවයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.





