AFC Banner
AFC Banner
Empty Ad

ජනපති අනුර එළඹෙන 14 වනදා චීන සංචාරය අරඹයි

චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව; ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන 14 වනදා (අඟහරුවාදා) නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යෑමට නියමිතයි.

එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා සිදුකරන ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරය තුළ දී ක්ෂේත්‍ර රැසකට අදාළව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.

මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයාට අමතරව චීන අග්‍රාමාත්‍ය ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි යන නායකයින් ද හමුවීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ මෙම චීන සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?