ජනපති අනුරට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ ලිපියක්

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය කැබිනට් මණ්ඩලය විසින් සමාලෝචනය කිරීමට ඉඩ ඇති බවට පළ වන වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කනස්සල්ල පළ කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමුකරමින්.

නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ අනුර බී. මැද්දෙගොඩ සහ ලේකම් චතුර ඒ. ගල්හේන යන අයගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත මෙම ලිපියෙන් අවධාරණය කරන්නේ නීතිපතිවරයා මහජනතාවට වගකිව යුතු වුවද, ඔහු අර්ධ අධිකරණමය කාර්යභාරයක් ඉටු කරන අතර, පවතින සාක්ෂි සහ නීතිමය පිළිගැනීම මත තීරණ පදනම් කර ගත යුතු බවයි.

නඩු පැවරීමේ තීරණවලට දේශපාලන මැදිහත්වීම් නීතිපතිවරයාගේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය අඩපණ කළ හැකි බවට ද එම සංගමය අදාළ ලිපිය මඟින් අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම අධිකරණ සහ අර්ධ අධිකරණ තීරණ සෑම විටම මහජන මතය සමඟ නොගැලපෙන නමුත්, නීතියට අනුකූලව ගත යුතු බව අවධාරණය කරමින්, ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටිනවා.

2 1
3 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?