ජනපති අනුරට තුර්කියෙන් ආරාධනයක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆූ ටර්ගට් අතර හමුවක් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා.

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට අඛණ්ඩ සහාය ලබාදෙන බව මෙහි දී තුර්කි තානාපතිවරයා සඳහන් කළා.

රජය විසින් ක්‍රියාවට නංවා ඇති “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පිළිබඳ තුර්කි ජනරජයේ ප්‍රශංසාව පළ කළ තානාපති සෙමි ලුට්ෆු ටර්ගට් ක්ලීන් ශ්‍රී ලංකා, ඩිජිටල්කරණ සහ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය අවම කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබා දෙන බව ද පැවසුවා.

එමෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකාර්මික යන අංශවල ප්‍රවර්ධනය සඳහා වත්මන් රජය ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් වෙනුවෙන් තුර්කියේ සහාය තවදුරටත් ලබාදෙන බවත්, ඒ වෙනුවෙන් වූ ගිවිසුම් කිහිපයකට ඉදිරියේ දී එළඹීමට නියමිත බවත් තානාපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය හැදෑරීම සඳහා දැනට පිරිනමනු ලබන ශිෂ්‍යත්ව 15ක කෝටාව ශිෂ්‍යත්ව 25 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර මෙම වසරේ අප්‍රේල් මාසයේ දී තුර්කියේ සංචාරයක් සඳහා එක්වන ලෙසද මෙහිදී තානාපති සෙමි ලුට්ෆු ටර්ගට් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනයක්ද සිදු කර තිබෙනවා.

තුර්කි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මර්වේ ගොඩ්සේ ඔට්ලු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13