ජනපති අනුරට තුර්කියෙන් ආරාධනයක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆූ ටර්ගට් අතර හමුවක් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා.

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට අඛණ්ඩ සහාය ලබාදෙන බව මෙහි දී තුර්කි තානාපතිවරයා සඳහන් කළා.

රජය විසින් ක්‍රියාවට නංවා ඇති “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පිළිබඳ තුර්කි ජනරජයේ ප්‍රශංසාව පළ කළ තානාපති සෙමි ලුට්ෆු ටර්ගට් ක්ලීන් ශ්‍රී ලංකා, ඩිජිටල්කරණ සහ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය අවම කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබා දෙන බව ද පැවසුවා.

එමෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකාර්මික යන අංශවල ප්‍රවර්ධනය සඳහා වත්මන් රජය ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් වෙනුවෙන් තුර්කියේ සහාය තවදුරටත් ලබාදෙන බවත්, ඒ වෙනුවෙන් වූ ගිවිසුම් කිහිපයකට ඉදිරියේ දී එළඹීමට නියමිත බවත් තානාපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය හැදෑරීම සඳහා දැනට පිරිනමනු ලබන ශිෂ්‍යත්ව 15ක කෝටාව ශිෂ්‍යත්ව 25 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර මෙම වසරේ අප්‍රේල් මාසයේ දී තුර්කියේ සංචාරයක් සඳහා එක්වන ලෙසද මෙහිදී තානාපති සෙමි ලුට්ෆු ටර්ගට් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනයක්ද සිදු කර තිබෙනවා.

තුර්කි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මර්වේ ගොඩ්සේ ඔට්ලු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?