AFC Banner
AFC Banner
Empty Ad

ජනපති අනුරගෙන් එළඹෙන 21 වනදා විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 21 වනදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එළඹෙන 21 වනදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වෙන අතර, එහිදී විශේෂ කටයුතු රැසක් සිදුකිරීමට නියමිතයි.

10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ඡන්දයෙන් තොරා පත්කර ගැනීම වැනි විශේෂ කටයුතු රැසක් එහිදී සිදුකර ගැනීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තබන අතර, එදින පස්වරු 3.00ට යළි පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතව ඇත්තේ.

එහිදී නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
10
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?