ජනපති අනුරගෙන් එළඹෙන 21 වනදා විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 21 වනදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එළඹෙන 21 වනදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වෙන අතර, එහිදී විශේෂ කටයුතු රැසක් සිදුකිරීමට නියමිතයි.

10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ඡන්දයෙන් තොරා පත්කර ගැනීම වැනි විශේෂ කටයුතු රැසක් එහිදී සිදුකර ගැනීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තබන අතර, එදින පස්වරු 3.00ට යළි පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතව ඇත්තේ.

එහිදී නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමි වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42