AFC Banner
AFC Banner
Empty Ad

ජනපතිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් කඩිනමින් විභාගයට ගන්න – ශ්‍රේෂ්ඨාධිකරණය

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා විනිසුරුවරු නම් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම කඩිනමින් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

අදාළ තහනම් නියෝගය ඉවත් කිරීමේ හෝ වෙනස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ආචාර්ය මහීම් මෙන්ඩිස් යන පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් පසුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ජූලි මස 25 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?