ජනපතිගේ සිට සියලු දෙනාගෙන්ම බදු නිසි පරිදි අය වෙන ක්‍රමවේදයක් සැකසිය යුතුයි – රජයේ මුදල් පිළිබද කාරක සභා සභාපති

රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සදහා අයවිය යුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරනවා.

මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස යම් තනතුරක් දරන පුද්ගලෙකුට හිමිවන වාහන, නිවාස, සේවකයන් ආදි ප්‍රතිලාභ අයත්වන බැවින් ඒ සියල්ල සලකාබලා නිවැරදිව මෙම බදු අයකිරීම් සිදුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2023 වසර සදහා බදු අයකර ගැනීමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැදවා තිබූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

2022 වසරේ එකතු කරන ලද බදු ප්‍රමාණය රුපියල් බිලියන 860 කට ආසන්න බවත් 2023 වසර සදහා අයකර ගැනීමට අපේක්ෂිත බදු ප්‍රමාණය රුපියල් බිලියන 1667ක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පෙන්වාදී තිබෙනවා.

මේ අනුව ගිය වසරට සාපේක්ෂව රු බිලියන 922 කට ආසන්න බදු මුදල් ප්‍රමාණයක් මෙම වසරේ වැඩිපුර ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.

2023 වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින්. එම මුදල රුපියල් බිලියන 603ක්. එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රු බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරන බවද දේශීය ආදායම් නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවා.

මෙම බදුමුදල් අයකරගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම පිළිබදව ද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර බදු ගෙවීම් පැහැර හැරීම්වලට අදාළව අධිකරණයේ පවතින නඩු කල්ගතවීම ඇතුළු ගැටලු පිළිබදව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබෙනවා.

මෙම ගැටලු සමාලෝචනය කර ඊට විසදුම් ලබා දීමට රජයේ මුදල් කාරක සභාව ඉදරියේදී මැදිහත් වන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසුවේ.

මේ අනුව මෙම බදු අයකර ගැනීමේ ප්‍රගතිය පිළිබදව පෙබරවාරි මාසයේ දී කාරක සභාවට වාර්තා කරන ලෙසද කමිටු සභාපතිවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වා සිටියා.

ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුපටත් බදුඅයකරන බවට පළවූ ඇතැමු මාධ්‍ය වාර්තා පිළිබදවද කාරක සභාවේ අවධානය යොමුවූ අතර මෙහිදී දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන්නේ විශ්‍රාම වැටුපකට කිසිදු අයුරකින් එලෙස බදු අය කිරීමක් සිදු නොකරන බවයි.

ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2307/12 දරන ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි ද අනුමතිය සදහා කාරක සභාවට ඉදිරිපත් කොට තිබුණා.

ක්‍රීඩා අයිතම, දුම්රිය අමතර කොටස්, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් අයිතම ඇතුළු භාණ්ඩ සදහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සදහායි මෙම ගැසට් පත්‍රය පළකර ඇත්තේ.

ගැසට් පත්‍රය සදහා අනුමතිය ලබාදුන් කාරක සභාව පවසා සිටියේ සංචාරක, රූපලාවණ්‍ය වැනි කර්මාන්ත සදහා අවශ්‍ය නිෂ්පාදන, අදාළ ආයතනවල නිර්දේශ යටතේ ගෙන්වීමට අවසර ලබා දීමට වඩා යෝග්‍ය වන්නේ යම් ඉහළ බද්දක් හෝ අයකරමින් ආනයනයට ඉඩ ලබා දීම බවයි. එසේ නොවන විට කළු කඩ ව්‍යාපාර බිහිවීම වැළැක්විය නොහැකි බවද කාරක සභාවේදී සාකච්ඡාවට ලක් වුණා.

තවද අංක 2308/51 ගැසට් පත්‍රයේ පළකොට තිබූ විදේශ විනිමය පනත යටතේ නියෝග සදහාද කාරක සභාවේ අනුමතිය හිමිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29