ජනපතිගේ සිට සියලු දෙනාගෙන්ම බදු නිසි පරිදි අය වෙන ක්‍රමවේදයක් සැකසිය යුතුයි – රජයේ මුදල් පිළිබද කාරක සභා සභාපති

රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සදහා අයවිය යුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරනවා.

මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස යම් තනතුරක් දරන පුද්ගලෙකුට හිමිවන වාහන, නිවාස, සේවකයන් ආදි ප්‍රතිලාභ අයත්වන බැවින් ඒ සියල්ල සලකාබලා නිවැරදිව මෙම බදු අයකිරීම් සිදුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2023 වසර සදහා බදු අයකර ගැනීමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැදවා තිබූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

2022 වසරේ එකතු කරන ලද බදු ප්‍රමාණය රුපියල් බිලියන 860 කට ආසන්න බවත් 2023 වසර සදහා අයකර ගැනීමට අපේක්ෂිත බදු ප්‍රමාණය රුපියල් බිලියන 1667ක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පෙන්වාදී තිබෙනවා.

මේ අනුව ගිය වසරට සාපේක්ෂව රු බිලියන 922 කට ආසන්න බදු මුදල් ප්‍රමාණයක් මෙම වසරේ වැඩිපුර ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.

2023 වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින්. එම මුදල රුපියල් බිලියන 603ක්. එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රු බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරන බවද දේශීය ආදායම් නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවා.

මෙම බදුමුදල් අයකරගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම පිළිබදව ද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර බදු ගෙවීම් පැහැර හැරීම්වලට අදාළව අධිකරණයේ පවතින නඩු කල්ගතවීම ඇතුළු ගැටලු පිළිබදව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබෙනවා.

මෙම ගැටලු සමාලෝචනය කර ඊට විසදුම් ලබා දීමට රජයේ මුදල් කාරක සභාව ඉදරියේදී මැදිහත් වන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසුවේ.

මේ අනුව මෙම බදු අයකර ගැනීමේ ප්‍රගතිය පිළිබදව පෙබරවාරි මාසයේ දී කාරක සභාවට වාර්තා කරන ලෙසද කමිටු සභාපතිවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වා සිටියා.

ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුපටත් බදුඅයකරන බවට පළවූ ඇතැමු මාධ්‍ය වාර්තා පිළිබදවද කාරක සභාවේ අවධානය යොමුවූ අතර මෙහිදී දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන්නේ විශ්‍රාම වැටුපකට කිසිදු අයුරකින් එලෙස බදු අය කිරීමක් සිදු නොකරන බවයි.

ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2307/12 දරන ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි ද අනුමතිය සදහා කාරක සභාවට ඉදිරිපත් කොට තිබුණා.

ක්‍රීඩා අයිතම, දුම්රිය අමතර කොටස්, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් අයිතම ඇතුළු භාණ්ඩ සදහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සදහායි මෙම ගැසට් පත්‍රය පළකර ඇත්තේ.

ගැසට් පත්‍රය සදහා අනුමතිය ලබාදුන් කාරක සභාව පවසා සිටියේ සංචාරක, රූපලාවණ්‍ය වැනි කර්මාන්ත සදහා අවශ්‍ය නිෂ්පාදන, අදාළ ආයතනවල නිර්දේශ යටතේ ගෙන්වීමට අවසර ලබා දීමට වඩා යෝග්‍ය වන්නේ යම් ඉහළ බද්දක් හෝ අයකරමින් ආනයනයට ඉඩ ලබා දීම බවයි. එසේ නොවන විට කළු කඩ ව්‍යාපාර බිහිවීම වැළැක්විය නොහැකි බවද කාරක සභාවේදී සාකච්ඡාවට ලක් වුණා.

තවද අංක 2308/51 ගැසට් පත්‍රයේ පළකොට තිබූ විදේශ විනිමය පනත යටතේ නියෝග සදහාද කාරක සභාවේ අනුමතිය හිමිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?