ජනපතිගේ යාපනයේ සංචාරය ගැන කාදිනල් හිමියන් පැහැදීමෙන් (වීඩියෝ)

මෘදු, අවංක, යහපත් ගතිගුණවලින් මෙරට දේශපාලන නායකයින් තමන්ගේ ජීවිතය පුරවා ගත යුතු බව කොළඹ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ ඉදිකළ කතෝලික දේවස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට අද (01) එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (31) යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ; යාපනයේ ජනතාව ඔහුට දැක්වූ ආදරණීය පිළිගැනීම තමන් අගය කරන බව උන්වහන්සේ මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවා.

එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා ඉතා නිහතමානීව එම ජනතාව අතරට ගොස් ඔවුන්ගේ මිතුරෙක් ලෙස එම ජනතාව සමඟ එක්වීම පිළිබඳව ද තමා තුළ පැහැදීමක් ඇති වූ බවයි කාදිනල් හිමිපාණන් සඳහන් කර සිටියේ.

නීති රීති තුළින් මිනිසුන් තලාපෙළා ඔවුන්ව පාලනය කරනවාට වඩා සහෝදරත්වය සහ සුහදත්වය වර්ධනයකර සියලුම ජාතීන් එකමුතු කිරීම පවතින විශාලතම අභියෝගය බවයි උන් වහන්සේ මෙහිදී පෙන්වා දුන්නේ.

ශ්‍රී ලාංකිකයින් ලෙස එකමුතු වී කටයුතු කිරීමට කාලය මේ වනවිට එළඹ ඇති බව සඳහන් කළ උන්වහසේ; ඒ එකමුතුවීමේ ආශාව ඊයේ (31) ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය තුළ දී දැකගැනීමට හැකිවූ බවයි කාදිනල් හිමිපාණන් මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්සව සමයට ගම්බිම් බලා යාමට විශේෂ දුම්රිය සේවාවන් රැසක්..පා පුවරුවේ ගමන් කරන විට ආරක්ෂාකාරි වෙන්න
01:26
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46