Empty Ad
AFC Banner
Empty Ad

ජනපතිගේ යාපනයේ සංචාරය ගැන කාදිනල් හිමියන් පැහැදීමෙන් (වීඩියෝ)

මෘදු, අවංක, යහපත් ගතිගුණවලින් මෙරට දේශපාලන නායකයින් තමන්ගේ ජීවිතය පුරවා ගත යුතු බව කොළඹ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ ඉදිකළ කතෝලික දේවස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට අද (01) එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (31) යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ; යාපනයේ ජනතාව ඔහුට දැක්වූ ආදරණීය පිළිගැනීම තමන් අගය කරන බව උන්වහන්සේ මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවා.

එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා ඉතා නිහතමානීව එම ජනතාව අතරට ගොස් ඔවුන්ගේ මිතුරෙක් ලෙස එම ජනතාව සමඟ එක්වීම පිළිබඳව ද තමා තුළ පැහැදීමක් ඇති වූ බවයි කාදිනල් හිමිපාණන් සඳහන් කර සිටියේ.

නීති රීති තුළින් මිනිසුන් තලාපෙළා ඔවුන්ව පාලනය කරනවාට වඩා සහෝදරත්වය සහ සුහදත්වය වර්ධනයකර සියලුම ජාතීන් එකමුතු කිරීම පවතින විශාලතම අභියෝගය බවයි උන් වහන්සේ මෙහිදී පෙන්වා දුන්නේ.

ශ්‍රී ලාංකිකයින් ලෙස එකමුතු වී කටයුතු කිරීමට කාලය මේ වනවිට එළඹ ඇති බව සඳහන් කළ උන්වහසේ; ඒ එකමුතුවීමේ ආශාව ඊයේ (31) ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය තුළ දී දැකගැනීමට හැකිවූ බවයි කාදිනල් හිමිපාණන් මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
03:00:46
Video thumbnail
ඉදිරියේදී තෙල් නැතිවෙයිද - මෙන්න ඇත්ත නැත්ත
22:19
Video thumbnail
හිරුණිකා ෆයර් වෙයි - අහලම බලන්නකෝ
04:18
Video thumbnail
L බෝඩ් එකේ ගිහින්නම් මේ අවුරුදු 5ම ආණ්ඩුවට අමාරුයි
00:07
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම රුවන් මාපලගම සහ සජබ පා.ම නීතිඥ චිත්‍රලාල් ප්‍රනාන්දු සහභාගිවන කස්තිරම සජීවීව
01:21:15
Video thumbnail
L බෝඩ් එකේ ගිහින්නම් - ආණ්ඩුවට මේ අවුරුදු පහ යන්න හරි අමාරුයි
01:39
Video thumbnail
ලංකාවේ මිනිස්සු කනාමැදිරි එළියටත් බය වෙන එකත් සාදාරනයි
09:53
Video thumbnail
තෙල් පෝලිම්වල මිනිස්සු හොඳටම ඇවිස්සෙයි
12:04
Video thumbnail
තෙල් පෝලිම් ගැන අනියත බියක් තියෙන්නේ - ජනාධිපතිට පුළුවන් මිනිස්සු හැමදාම සනසන්න කතා කියන්න
05:58
Video thumbnail
අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නන්නේ මෙන්න මෙහෙමයි
00:58

?